ගෑණු ළමයි මෙයාව ඉඹිනවට කැමති නෑ – හිරුණිකා

ගෑණු ළමයි මෙයාව ඉඹිනවට කැමති නෑ – හිරුණිකා

0 130
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුමයි ITN එතුමයි එතුමියි වැඩසටහකදී මෙසේ අදහස් දැක්වීය..

ඔබේ සැමියා දිගටම රඟපානවට කැමතිද?
ඔව්.. මෙයා තමයි දැනට ලංකාවෙ ඉන්න පරණම මොඩල්.. රඟපානවට මට කිසිම ප්‍රශ්නයක් නෑ..මං කැමතියි රඟපානවට..දැන් ඉතින් මං බැඳලා හිංදා ගෑනු ළමයින්ව ඉඹින්න අරවා මෙවා කරන්න එපා කියලා මං කියලා තියෙන්නෙ..පෙම්වතාගෙ චරිත කළාට කමක් නෑ අනවශ්‍ය විදිහට අතපතගාන්නෙ නැතුව..
හිරුනිකා දේශපාලනයට එන්නෙ තාත්තා නිසාද?
මට දේශපාලන පිස්සුව තිබුණෙ අවුරුදු 10 11 ඉඳින්..මට ඉස්කෝලෙදි තිබුණා රචනාවක් ලියන්න.. ලොකු උණාම කවුද වෙන්නෙ කියලා.. අනික් ළමයි ලියලා තිබුණා ටීච කෙනෙක් වෙනවා.. ඩොක්ට කොනෙක් වෙනවා..කියලා..මම ලිව්වෙ රටේ ජනාධිපති වෙනවා කියලා..ඒත් ඒ කාලෙ රටේ ජනාධිපති කියන්නෙ කවුද මොනවද කරන්න තියෙන්නෙ කියන දේ මම දන්නෙ නෑ..මං හිතුවෙ මේක තමයි ලෝකෙ තියෙන ලේසිම ජොබ් එක කියලා..
තාත්තා නැති වෙච්ච 2011 මැතිවරණයේදි මට පුදුම පිස්සුවක් තිබුණා චන්දෙ ඉල්ලන්න.. තාත්තා කිවුවා දුව කොලොන්නාවෙන් චන්දෙ ඉල්ලන අයත් එක්ක ඔයා සම කරලා බලන්න ..ඔයා LLB එකක් කරලා ලංකාවට ඇවිල්ලා ඉන්න ළමයෙක්..මේ සැරේ චන්දෙ ඉල්ලන අය අතරින් සමහරු චේන් කඩන හොරු..සමහරු කුඩු වෙළඳාම් කරන අය..ඔයාගෙ මට්ටමයි ඒ අයගෙ මට්ටමයි හිතලා බලන්න ගැළපෙනවද කියලා..ඒ නිසා ඉවසන්න කිව්වා
කොහොමද ඔයාලගේ ආදර කතාව මතක් කරමුද?
මෙයාට පුළුවන් දිවංගත විජය කුමාරතුංග මහත්තයා විදිහටම කතා කරන්න..මාව ඇල්ලුවෙත් එහෙමයි මෙයා..මෙයා යාලුවෙන්න වගේ අහන කාලෙ වාහනේ අරන් රෑ එනවා..මං අපේ ගෙදර උඩ තට්ටුවට වෙලා ඉන්නවා..මෙයා පහළට ඇවිත් phone කැනවා..මෙයා පැත්තකින් සරමත් උස්සගෙන එපා උනත් අද ඕනෑ වේ..අර විදිහටම රඟපානවා..මම විජය කුමාරතුංග මහත්තයෙගෙ ලොකු ෆෑන් කෙනෙක්..මට පිස්සු හැදුණා..ඊට පස්සෙ තමයි මං හා කිවුවෙ..
‘එතුමයි එතුමියි’ පහතින් බලන්න

NO COMMENTS

Leave a Reply