ඩෙංගු වැලදී ප්ලේට් අඩුවී ඔබ දුක් විදිනවාද? ප්ලේට් ඉක්මනින් වැඩිවන වටිනා...

ඩෙංගු වැලදී ප්ලේට් අඩුවී ඔබ දුක් විදිනවාද? ප්ලේට් ඉක්මනින් වැඩිවන වටිනා ඖෂධය සකසන නිවැරදි ක්‍රමය මෙන්න මෙහෙමයි ක්‍රමේ

0 403

රතු පාට ගස්ලබු ගහේ කොල තමා හොඳයි කියන්නේ..කොළ පාට එකත් කමක් නෑ.. ගස්ලබු ගහේ උඩම දල්ලේ ඉඳන් 3 වෙනි කොලේ තමා කඩාගන්න ඕන. (පණුවෝ ගහලා මකුලු දැල් අනන් මනන් නැති පිරිසිදු කොල විතරක් ගන්න.) මේ තියෙන්නේ 3 වෙනි කොලේ..(අඟල් බාගයක් විතර පුංචි කොලේ ගණන් ගන්නෙ නෑ..සාමාන්‍යයෙන් කොලයක් බවට පරිවර්තනය වෙලා තියෙන කොල විතරයි. එතන ඉඳන් 3 වෙනි කොලේ.)

මේ විදිහේ කොල දහයක් පහලවක්වත් උවමනා වෙනවා. කඩාගත්තු කොල ටික පිරිසිදු වතුරෙන් හොඳට හෝදගෙන මද අව්වේ වතුර ලාවට තෙතමනය වේලෙනකම් වේලගෙන අත් හොඳට හෝදගෙන අර කොල ටිකේ නාරටි/ රේණු (අර කේශ නාලිකා අහු නොවෙන්න) කොලේ විතරක් අතින් කඩාගන්න. මේකට එක කොලේකට විනාඩි 15ක් 20ක් විතර යාවි සමහරක් විට. ඊලඟට ඒ කඩාගත්තු කොල ටික ලී වංගෙඩියක කොටාගන්න.(ගල් වංගෙඩියේ ගල් කුඩු මිශ්‍ර වෙන නිසයි එහෙම කිව්වේ.) ඒ කොටාගත්තු ටික පිරිසිදු කොට්න් රෙදි කෑල්ලකට දාලා පිරිසිදු පීරිසියකට වගේ ඉස්ම ටික පෙරාගන්න. එක උගුරකට ප්‍රමාණවත් බිංදු දහයක් විතර තිබ්බානම් ඇති. වතුර දාලා මිරිකන්නම එපා. අර කොල ටිකේ ඉස්ම විතරයි..ඊලඟට ලෙඩාට ඒ ටික බොන්න දෙන්න දවසකට සැරයක් හෝ දෙවරක් උදේ හවස..(මේ හදාගත්තු ඉස්ම හදාගන්න අමාරුයි කියලා ෆ්රිජ් වල දාලා තියාගෙන දවස් ගනන් තියාගන්න එපා උපරිම දවසක් උදේ හවස බොන්න දෙන්න තියාගන්න ආපහු අලුතෙන් හදාගන්න.) මේකට සමහරු මීපැණි දාන්න කියනවා. ඒකට කමක් නෑ. ගොඩක් නෙමෙයි පොඩ්ඩක්. මම නම් කියන්නේ මේක බොන්න දීලා මීපැණි බිංදු දෙක තුනක් කන්න දෙන්න කටේ අප්පිරියාව යන්න.. එක සැරයක් දෙසැරයක් දීලා ප්ලේට්ලට් කවුන්ට් එක බලන්න. (ඒ වගේම WBC -white blood cells count එක නැගල නම් වැඩේ සාර්ථකයි.) හිතේ විස්වාසයක් නැත්තම් මේවා දෙන්න එපා. ප්‍රශ්න තියෙනවානම් අහන්න.

NO COMMENTS

Leave a Reply