Radio මතක

Radio මතක

පරිච්ඡේද 28 න් පමණ සමන්විත රේඩියෝ මතක කෘතිය , ජාතික ගුවන් විදුලියේ දිගු මාධ්‍ය ජීවිතයකට හිම්කම් කියන හේමසිරි කුලරත්න නම් ප්‍රවීන ප්‍රවෘත්ති මාධ්‍ය වේදියාගේ දිගුකාලීන මතකයන් ගොනුකර නිර්මාණය වූවකි . මේ කෘතිය මෑත කාලයේ සිංහලෙන් ලියැවුනු ඉතා අගය කල යුතු පොතකැයි මට සිතේ . පොදු පාඨකයාට මෙන්ම විශේෂයෙන්ම ගුවන් විදුලි මාධ්‍යයට අත්පොත් තැබීමට පිවිසෙන දහසකුත් එකක් තරුණ මාධ්‍ය විද්‍යාර්ථීන්ද අනිවාර්යෙන්ම කියවිය යුතු , කියවා ලග තබාගතයුතු අගනා අත්පොතකි . සිය මාධ්‍ය සංචාරයේදී ඔහු අත්දුටු පරිසරය හා හමුවූ විවිධ පුද්ගලයින් ගැනද රසවත්ව ගලායන ලෙසින් පද ගලපා ඇති හේමසිරි කුලරත්නයන්ගේ රේඩියෝ මතක , නවකයින්ට මෙන්ම අපටද ඉතා වැදගත් වේ . තවද ඓතිහාසික ඡායාරූප රැසක්ද මෙයට ඇතුලත් කිරීම පොතෙහි ආකර්ෂණය තවතවත් වැඩිවර්ධනය කිරීමට හේතු වී ඇත . ඔහුගේ බස සරලය .ඉදිරිපත්කිරීම ගලායන දියදහරක් සේ පාඨකයා නොවෙහෙසයි . මේ කෘතිය එකහුස්මට වුව කියවිය හැකිය . එහෙත් එසේ නොකොට හොඳින් අධ්‍යයනය කරමින් මතකයේ රඳවා ගනිමින් කියවා , ඒ රේඩියෝ මතකය ඔබගේද මතකයක් බවට පත්කරගැනිමට උත්සාහ ගන්න .මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන නවකයින්ට රේඩියෝ මතක නැතිවම බැරි ග්‍රන්ථයක් වනු නොඅනුමානය. 

මෙවැනි අපූරු ග්‍රන්ථයක් මාධ්‍ය ක්ෂේත්‍රයට තිළිණ කල හේමසිරි කුලරත්න ප්‍රවීන ප්‍රවෘත්ති මාධ්‍ය වේදියානෙනි , ඔබට තුති !
-Asoka Tillekeratne 

NO COMMENTS

Leave a Reply