කිවිදියකගේ වැළපිල්ල – මොනිකා රැවන් පතිරණ

කිවිදියකගේ වැළපිල්ල – මොනිකා රැවන් පතිරණ

අහර නැති ළදරැවන්
හෝඩිය නොකී දරැවන්
උන් සමග හැඩු මවුන්
බලන් මගෙ කවි අතර

පියවරැන් නැති ළමුන්
සොරැන් අභිසරැ ලියන්
සිරගෙවල තරැණයන්
දකින් මගෙ කවි අතර
උන්ගෙ දුක්මුසු දිවිය
පසක්කොට ඒ ලෙසින්
කලොත් සුවපත් ඔවුන්
එකවි ලියු ඵල ලබමි
එයින් පසු මා මලත්
සොහොන්කොත් ඇවැසි නැත
නිසල සන්සුන් හදින්
සැතපෙන්ට හැකිය මට
එහෙත් විසුවෙත් ඔවුන්
මා මියෙන තෙක් දුකින්
බැද කොතක් සොහොන මත
ලියන් මෙි වැකිය එහි
ලියූ කවි දහසකින්
කියා ගත නොහැකි වූ
යමක් හද රැවා ගත්
ගැහැණියක් නිදයි මෙහි
——————- මොනිකා රැවන් පතිරණ ———————

NO COMMENTS

Leave a Reply