රසායනික සත්කාර කළ හිස කෙස් රැක ගැනීම

රසායනික සත්කාර කළ හිස කෙස් රැක ගැනීම

0 21
ර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා. එහි වරදක්‌ නැති නමුත්, ප්‍රධාන ගැටලුව වන්නේ මෙසේ විලාසිතාවට සකස්‌ කළ හිසකෙස්‌ හොඳින් රැකබලා නොගැනීමයි. ඒ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපිය සකස් වෙන්නේ.
හිසකෙස්‌ වර්ණ ගැන්වීම, ස්ට්‍රේට් කිරීම, ෆර්ම් කිරීම ආදී වූ විවිධ රසායන ක්‍රියාකාරිත්වයන්ට ලක්‌ වූ හිසකෙස්‌වලට වඩාත් උනන්දුවෙන් සත්කාර කිරීම අවශ්‍යයි. එයට හේතුව මෙම හිසකෙස්‌ අපි හඳුන්වන්නේ ඩැමේඡ් හෙයාර් එහෙම නැත්නම් පළුදු වූ හිසකෙස්‌ ලෙස වීමයි.
ඔබගේ හිසකෙස්‌වලට ලබා දුන් රසායනික සත්කාරය අනුව, හිසකෙස්‌ සඳහා ශැම්පූ වර්ගයක්‌ තෝරාගැනීම ඉතාම වැදගත්.
ඔබට තිබෙන්නේ ෆර්ම් කළ හිසකෙස්‌ නම් ඔබ ඒ සඳහා වන ශැම්පු හා කන්ඩිෂනර් තෝරාගෙන පාවිච්චි කළ යුතුයි. යම් ලෙසකින් ඔබ  ස්ට්‍රේට් කළ කොණ්ඩයක්  සඳහා වන ශැම්පූ හා කන්ඩිෂනර් භාවිත කළොත් හිසකෙස්‌වල රැළි ගතිය ඉවත් වී යාමට පුළුවන්. ඒ නිසා රැළි ගතිය රැඳෙන ආලේප වර්ග ඔබ තෝරාගත යුතුයි.
සතියකට දිනක්‌ තෙල් සාත්තුවක්‌ සහ කන්ඩිෂනර් සත්කාරයක්‌ කිරීමත් ඉතාම වැදගත්. ඒ වගේම හෙයාර් ටොනික්‌ වර්ගයක්‌ ද පාවිච්චි කළ හැකි නම් තවත් හොඳයි. හෙයාර් ටොනික්‌ භාවිත කරන්නේ හිසකෙස්‌ පළුදු නොවී, ආරක්‌ෂාව ලබා දීම සඳහායි. ඒ නිසා එය හිසකෙස්‌ ගසේ මුලට ආලේප කළ යුතුයි. සියුම්ව සම්භාහනය කරමින් හෙයාර් ටොනික්‌ ආලේප කළ යුතුයි.
තෙල් සාත්තුව හා කන්ඩිෂනර් සත්කාරය නිවසේදීත් ඔබට කරගැනීමට පුළුවන්. නමුත් රූපලාවන්‍යාගාරයක දී එය සිදු කරගැනීමට හැකි නම් වඩාත් සාර්ථක වේවි. එසේත් නැතිනම් නිවසේ සිටින කෙනෙකුගේ සහය මේ සඳහා ලබා ගැනීමට පුළුවනි.
තෙල් සාත්තුව සඳහා නිවසේ දී සූදානම් කරගත් තෙල් වර්ගයක්‌ භාවිත කළ හැකි නම් වඩාත් හොඳයි. ඕනෑම තෙල් වර්ගයක්‌ යන්තම් රත්කරගෙන හිසකෙස්‌ මුල තවරා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න.
කන්ඩිෂනර් සත්කාරය කිරීමේදී ශැම්පූ කරගත් හිසකෙස්‌වල කන්ඩිෂනර් තවරා විනාඩි 10 ක්‌ තබා උණුසුම් ජලයෙන් පොඟවාගත් තුවායකින් හිස ඔතා ටික වේලාවක්‌ තබාගන්න. කන්ඩිෂනර් සත්කාරයට භාවිත කළ යුත්තේ ඩීප් කන්ඩිෂනර් නම් කන්ඩිෂනර් වර්ගයයි. මෙය රූපලාවන්‍යාගාරයකදී කරගත හැකි නම් වඩාත් සාර්ථකයි.
මේ ආකාරයට හිසකෙස්‌ හොඳින් රැක බලා ගන්නවා නම් කැමැති ඕනෑම විලාසිතාවකට හිසකෙස්‌ සැකසීමේ කිසිදු වරදක්‌ නෑ.
උපුටාගැනීම
http://sinhala.goodhousekeeping.lk/2016/08/12/chemically-treated-hair/

NO COMMENTS

Leave a Reply