ඩෙන්සිල් වොෂිංටන් ගේ FENCES – උපුල් ජයසිංහ

ඩෙන්සිල් වොෂිංටන් ගේ FENCES – උපුල් ජයසිංහ

0 73
ට්‍රොයි එක්සත් ඡනපද කලු ඡාතිකයෙකි වෘත්තියෙන් ට්‍රක්රථවලට කුණු පටවන්නෙකි කලින් කසාදයේ වයස 22 ක විතර පුතෙක්ද රෝස් ගෙන් ලැබුණු වයස 16 ක පුතාද සමග ඉතා දුක්බර ඡිවිතයක් ගෙවන වයස 50 ක පමණ සිය වගකීමි යනු කුමක්දැයි මනාව දන්නා ගෙවී ගිය සෙරෙප්පුවක් බදු හාදයෙකි සෑම සතියකම තම පඩි පැකටිටුව බිරිද අතට දෙන ඡාතියේ මිනිහෙකි

==================================================
ඩෙන්සිල් වොෂිංටන් ගේ FENCES
==================================================
මෙි මිනිහා මොන ඡාතියේ මිනිහෙක් දැයි ඔබට සිතා ගැනීමට ඔහු හා ඔහුගේ බිරිද අතර වු මෙි සංවාදය මම මෙතැනින් තබමි
‘‘ ට්‍රෝයි ඔයාට ඇයි බැරි ඔයාගෙ දරැවන්ට ආදරේ පෙන්නන්න ? ‘‘
‘‘ මට ඒවට වෙලාවක් නෑ රෝස්. උන් පණ පිටින් ඉන්නව ලෙඩක් දුකක් නෑ උන්ට උන්ගෙ පාරවල් කෙලින් කරන් යන්න සිද්ද වෙනව ! රෝස් උන් මෙතනින් එලියට බැස්සම උන්ගෙ අතින් අල්ලන් යන්න ඔයාවත් මමවත් නෑ ඒක නිසා උන්ට සිද්දවෙනව කවුද මට ආදරේ නැත්තෙ කවුද මට ආදරේ කිය කිය හොය හොයා ඉන්නවට වඩා කවුද මට හොදක් කරන්නෙ කවුද මට හොද කරන්නෙ නැත්තෙ කියන එක ගැන වද වෙන්න ‘‘
‘‘ දැන් කාලය වෙනස් ට්‍රෝයි මිනිස්සු වෙනස් ලෝකය වෙනස් “
‘‘ ඒක මම දන්නෙ නෑ ගෑණියෙ ඒත් මම එදා වගේම පිට කොන්ද නවාගෙන වැඩ කරනව සතිය අන්තිමට මම අර්තාපලුයි ඌරැ තෙලුයි ගේනකන් අත් දික්කරන් උඹල දොරලග බලන් ඉන්නව ඊට පස්සෙ මගේ සාක්කු ඇදල අන්තිම සතේ වෙනකන් ඔයාට දෙනව ! ඒ දෙන්නෙ මගෙ ලේයි දාඩියයි කදුලු එතන නෑ මං ළග තවත් කදුලු නැ මම ඒව ඔක්කොම වියදමි කරල ඉවරයි ‘‘
( එහෙවි ට්‍රෝයි කාලයක් ගිහිල්ල රෝස්ට මෙහෙම කියනව )
‘‘ රෝස් මට ඔයාට කියන්න දෙයක් තියෙනව මම තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ මම නිසා ගෑනියෙකුට ළමයෙක් හමුබවෙන්න යනව !
‘‘ ට්‍රෝයි තමුසෙ කවුරැ වෙන්න යනව තාත්ත කෙනෙක් වෙන ගෑණියෙක් නිසා ? මෙි වයසට ? තමුසෙ තමුසෙගෙ ගෑණිටද ඔයි මෙි කියන්නෙ ?
‘‘ මට ඒක නතර කරන්න බෑ රෝස් ! මෙි ගෙදර මට මහ පිඩාවක් වුනා පුශන ! ප්‍රශ්න ! ඒත් එහෙදි මම හයියෙන් හිනා වුනා ඔයා දැකල තියෙනවද මම කවදාවත් මෙි ගෙදර හයියෙන් හිනාවෙනව !‘‘
‘‘ ඒ කියන්නෙ ඔයාට එයා ගාවට යන එක නතර කරන්නත් බෑ අපිව ඈත් කරන්නත් බැ එහෙමද ? ‘‘
‘‘ ඔවි රෝස් අපි මෙික කතා කරල බෙිරගමු ‘‘
‘‘ හා දැන් මම එකපාරටම ‘‘ අපි ‘‘ වුනාද ? ඔය අපි කියන එක කොහෙද තිබිබෙි තමුසෙ අරකිත් එක්ක නිදිවදින වෙලාවෙ ? ‘‘
‘‘ කේන්ති ගන්න එපා රෝස් ඔයා තමයි මට හමිබවෙචිච හොදම ගෑනි ‘‘
‘‘ මෙි අහනව මිනිහෝ මාත් මෙි ගෙදර හිටියෙ තමුසෙ වගේ තමයි මමත් කවදාවත් හයියෙන් හිනාවුනේ නෑ මාත් ආසයි අනිත් ගෑනු වගේ හයියෙන් හිනාවෙන්න මටත් තිබුන ඔයි හීන ! මම ඒ හීන තමුසෙගෙ ඔය ගල් බොරලු
පපුවෙ පැල කලා මම දන්නව කවදාවත් මට ඒවයෙ මල් දකින්න බැරි විත්තිය ඒත් මම උඹෙි පපුවෙ ඒව පැලකරල වහල දැමිම ! ඉතිං මමත් මෙිගෙදර මට හිනාවක් නෑ කියල වෙන මිනහෙක් එක්ක බුදියගත්තම මට ඒ හිනාව එනවද ඔයි ! තමුසෙ මෙි ගෙදර ඉන්නවනමි මගෙ කාමරේ තමුසෙට තහනමි !‘‘
ඔන්න ඔහොමයි රෝස් ප්‍රශ්නෙ විසදුවෙි ඒත් දරැ ප්‍රසුතියෙදී ට්‍රොයි ගෙ පෙමිවතිය මැරෙනව. දරැව කෙල්ලක් එත් එයා බලා ගන්න කෙනෙක් නෑ ඉතිං මිනහ ඒ පුංචි කෙල්ලව අරන් එනව තමන්ගෙ ගෙදරට ගෙදර මිනස්සු එයාවවත් දරැවවත් සතේකට ගණන් ගන් නෑ ඒ ගමන ට්‍රොයි ඉදගන්නව ගේ එලිපත්ත උඩ
‘‘මගෙ දුවෙි ඔයා අහිංසකයි ලොකු අයගෙ ප්‍රශ්න ඔයා දන්නෙ නෑ ඔයාගෙ තාත්තට ලොකු අත් දෙකක් තිබුනට එයා දැන් බයවෙලා ඉන්නෙ ! ඔයාගෙ තාත්ත ඔින තරමි අමිම තාත්ත ගෙයක් දොරක් නැතිව ඉදල තියෙනව හැබැයි ඒ වෙලාවෙ එයාගෙ අතේ දරැවෙක් හිටියෙ නෑ ‘‘
මෙිව අහන් ඉන්න බැරි තැන රෝස් එනව දෙන්න ගාවට
‘‘ හොදයි ට්‍රෝයි ඔයා හරි මෙි කෙල්ල අහිංසකයි ! ලොකු මිනිස්සුන්ගෙ ප්‍රශ්න මොයා දන්නෙනෑ ‘‘
ඇය දරැවා තම දෑතට ගනියි
‘‘ රත්තරන් දුවෙි අමිමල නැති දරැවො හරියට දුක් විදිනව එත් තාත්තලගෙ පවි දුවල ගෙවන්න ඔන නෑ අමිමලා නැති දරැවන්ට ගොඩක් කරදර කරන්නෙ තාත්තල ! ට්‍රෝයි මෙික අහගන්නව අද ඉදන් මෙි දරැවට අමිම කෙනෙක් ඉන්නව ඒ වුනාට තමුසෙට ගෑනු නෑ !
================================================
2017 ඔස්කාර් සමිමාන උළෙලේ රෝස් ගේ චරිතය කල වියෝලා ඩෙවිස්ට හොදම සහාය නිලිය සදහා වු සමිමානය ලැබිනි

https://www.facebook.com/upali.jayasinghe.1

 

NO COMMENTS

Leave a Reply