සමහරවිට මේ උඹේ කතාව වෙන්න පුළුවන්

සමහරවිට මේ උඹේ කතාව වෙන්න පුළුවන්

#හෙලෝ ලසා අයියද..
*ඔව්…කවුද මේ..
#හී හී මම දිනුෂා කියල කෙනෙක්..FB එකෙන් තමා නම්බර් එක ගත්තෙ…

*කියන්න නංගා මගෙන් මොකද්ද දරුවො වෙන්න ඕන..
#අයිය ලියන කතා මම ගොඩක් කියවනවා..මේ ප්‍රශ්නේ අයියට කියන්න ඕන කියල හිතුව..සහනයකට වඩා උත්තරයක් ලැබේවි කියල හිතල…
*අපි බලමු ඔයාට තියන ගැටලුව ලිහා ගන්න..කියන්නකෝ ඉතින්…
#අයියට මම ගැන වැරදියට දෙයක් හිතෙනවද මන්ද..නොදන්නා කෙනෙක් මෙහෙම කතා කරද්දී..
*ඒ ගැන හිතන්නෙපා දැන් ඉතිං මම ඔයාව දන්නවනේ…
#මේකයි අයියේ..මේක මගේ ආදරේ ගැන සම්බන්ධ දෙයක්..
*මම අහගෙන ඉන්නේ දිගටම කියන්න…
#එයා මට හම්බෙලා ටික දවසකට පස්සේ එයාගෙ ගතිගුණ හොඳ නිසා මම එයාට කැමැත්ත දුන්න..මීට කලිනුත් මම ආදරේ කරපු කෙනා වගේ මුලින් දැනුන..පස්සේ අයියේ එයා මාව මග අරින්න ගත්ත…(කොල්ලට අමතන්න මම කට හදාගත්තෙමි..කෙල්ල දිගටම කියෙව්වාය)..මුලදී එයා මට කතා කරගත්තු ගමන්මයි…මම දැන් ඇහුවම ඇයි මට කතා කරන්නෙ නැත්තේ කියල කියනවා phone එකේ එල්ලිලා ඉන්නවට වඩා ආදරේ වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න ඕනලු..එයාට මම වෙනුවෙන් ඇයි අයියේ කාලය වෙන් කරන්න බැරි…
* නංගා මේ වෙනකොට මොනවද කරන්නෙ…
#මම AL කරලා ගෙදර ඉන්නෙ අයියේ..
*EXAM හොඳට කරාද නංගි..
#මේ සැරේ නම් ෂුවර් නෑ අයියේ…
*නංගිගේ BF මොනාද කරන්නේ…
#එයා එක එක දේවල් කරනවා අයියේ..
*ඒ කිව්වේ..
#ඇත්තටම එයා කරන දේවල් මට තේරෙන්නෙ නෑ
*නංගිගේ අම්මල තාත්තල මොනවද කරන්නෙ??
#අම්ම ටීචර් කෙනෙක්..අප්පච්චි අපේ කඩේ වැඩ…
*එතකොට ඔයාගෙ BF ගේ ගෙදර අය..??
#එයාගෙ අම්ම ගෙදර…අප්පච්චි නම් කලින් PVT කොම්පැනියක වැඩලු…ඒත් මේ ලඟදි එතනින් අයින් උනා කියල කිව්වා..එයාට නැඟි කෙනෙක් ඉන්නව උසස්පෙළ කරන…මම යාලු වෙලා ඉන්න කෙනා නම් බාහිර උපාධියක් කරනවා..ඒ එක්කම මොනවද පොඩි පොඩි බිස්නස් කරනවලු..
*එතකොට BF බොනව එහෙමද නංගි
#මට නම් නෑ කියල තියෙන්නෙ හැබැයි ආරංචි වෙලා වත් නෑ
*එතකොට වෙන සම්බන්ධ ගැන මම කිව්වේ මේ මේ වෙන ගෑනු ළමයි ගැන…
#එහෙම ආරංචි වෙලත් නෑ අයියේ…
*නංගිගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්…ඊට කලින් මට කියන්න ඔයා එයා එක්ක රණ්ඩු කරනවද…
#ඔව් අයියේ මේ දැනුත් රණ්ඩු කරා මම…එයා මට හොඳටම බැන්න..මමත් බැන්න…
දරුවෝ මේ අහන්න…ඒ කොල්ලගේ පවුලේ සේරම වගකීම් තියෙන්නේ ඒ කොලුවා අතේ..අම්ම තාත්ත ඒ වගේම ලොකු නංගි කෙනෙක් ඉන්නවා…අනික ඒ කොලුවා තමන් ඉගෙන ගන්න ගමන් තනියම නැගී සිටින්න හදන කෙනෙක්…ඔයා එයාගෙ තැනට යන්න…ඔයාට තියනවා පවුලක වගකීමක්..ඔයාගෙ අම්මට තාත්තට වැඩට යන්න නොදී එයාලව බලාගන්න..ඒ වගේම ඉගෙන ගන්න කටයුතු වලට වියදම් කරගන්න…ලොකු නංගි ගේ clz වැඩ වලට එහෙම උදව් කරන්න..ඒ වගේම ඔයා ආදරේ කරන කෙනාවත් බලාගන්න…ඔයාට එච්චරටම වගකීමක් ආවොත්…
#……………………………
*ඔයා ගෙදර ඉන්නේ…ඔයාට අඩු පාඩු දැනෙන්න තියනවද අම්මල…අනික ඔයා ගෑනු ලමෙක්…ඔයාව කවදාහරි කසාද බඳින්න ඕන තරම් කොල්ලො ඉඳීවි…ඔය ඉන්නෙ කෙල්ලෙක් FB එකේ පොටෝවක් දැම්මත් වටේට පිරෙන අඹලයෝ රැලක්..හැබැයි නංගි ඒ කොල්ල ඉගෙන ගෙන තැනකට ආවොත් සල්ලි ටිකක් හෙව්වොත් තමයි දවසක ඔයාව ඔයාගෙ අප්පච්චිගෙන් ඉල්ලගෙන යන්න පුළුවන්…
අනික ඔයාට ආදරෙයි කියල ඒ කොල්ලට free වෙන හැම වෙලාවකම ඔයාට කෝල් ගන්න mzg කරන්න ඕනිමද..ඇයි ඒ කොල්ල ටිකක් නිදාගත්තොත් මොකක් හරි පොතක් බැලුවොත් මොකද වෙන්නේ…ජිවිතේ හැමදාම ඔයා එක්ක ඉන්න හදන කෙනා යාලුවෝ එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියහම මොකද…දවසකට එක පාරක් හරි කනබොන වෙලාවට ඔයාව මතක් වෙනවනම්..තව මොනවද…හිතන්න හැමවෙලේම phone එකේ එල්ලීගෙන හිටපු කියක් නම් කොල්ලො කෙල්ලො මාසෙන් දෙකෙන් love දෙදරලා යනවද…හිතන්න දරුවෝ ඔයාට ඕන දවසින් දෙකෙන් මාසෙන් දෙකෙන් නැතිවෙලා යන ආදර කතාවක්ද…ඔයා උනත් කෙල්ලෙක්..කනවා බොනවා FB එනවා කොල්ලට වැඩ දෙනවා විතරක් නෙවේ..ඔයාටත් අද්යාපන සුදුසුකම් උයන්න පිහන්න සමාජේ ජිවත් වෙන්න ඉගෙන ගන්න…මල් පැලයක් හිටවන්න…අලුත් අත්දැකීම් ජීවිතේට ගන්න..
ඔයා වැඩක් කරන්නෙ නැත්නම් ඒ කොල්ලගේ වැඩකට උදව් කරන්න…අව්වේ වැස්සේ තෙමිලා වේලිලා දූවිලි වැදිලා ගෙදර එන වෙලාවට…නැත්නම් පාරේ යද්දී වාහන තද බද මැද්දේ ගෙදර ප්‍රශ්න මතක් කර කර ඒ කොල්ල තමන්ගේ ස්ව ශක්තියෙන් වැඩ කරන්න හදද්දී ජිවිතේ වැඩිපුරම ආදරේ කරන හැම තත්පරේම ලඟින් ඉඳි කියන ඔයා ඇඳේ පෙල්ලි පෙල්ලි රණ්ඩු කරද්දී ඒ කොල්ලගේ හිතේ ස්වභාවය හිතන්න…
නංගි ආදරේ කියන්නෙ හැමවෙලේම ඇඟේ එල්ලීගෙන පාඩම් වැඩ ජොබ් වැඩ පැත්තක දාල ගෙදරිනුත් සල්ලි අරගෙන හම්බ කරන එකත් වියදම් කරගෙන පන්ති කට් කරලා ඒ සල්ලි වලින් ආතල් ගන්න එකට නෙවේ..ආදරේ කියන්නේ නිදහසේ අඳින චිත්‍රයක් වගේ..හිත සංසුන්ව තියෙන්න ඕන හොඳ සිතුවමක් බිහිවෙන්න..හිර කූඩුවක ඉන්නවා වගේ නෙවේ…ගස් අතර ඉන්න කොට දැනෙන සිහිලස වලාකුළු අතර ඉගිලෙද්දී දැනෙන නිදහස් බව දැනෙන්න ඕන අදරේදී…එයා තනිවෙන වෙලාවට එයාම ගනී ඔයාට..ඒ තනිවෙන වෙලාවට ඔයා හිතට ඒවි…ඔයාව මතක් වෙනකොට ඔයාට ලස්සන අහිංසක පිච්ච මලක් මතකෙට එන විදිහට වැඩ කරන්න…
එයා?❤️
උපුටා ගැනීමකි.?

https://www.facebook.com/shamee.udeshi

NO COMMENTS

Leave a Reply