රනිල්ට ඇමරිකාවේදී බයිපාස් සැත්කමක්.

රනිල්ට ඇමරිකාවේදී බයිපාස් සැත්කමක්.

0 33
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වනදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පුද්ගලික සංචාරයක් ආරම්භ කරමින් සති දෙකක් සඳහා දිවයිනින් පිටව ගියේය.

රටේ ගංවතුර ආපදා තත්ත්වයක් තිබියදී හදිසියේ අගමැතිතුමා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය.


අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල රාජකාරි කටයුත්තක් හෝ ව්‍යාපාරිකමය වශයෙන් කිසිඳු ආකාරයක වැඩසටහනක් ඇමරිකානු රජයේ හෝ ඇමරිකානු සමාගම් අතර නොමැති බවයි.

කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුනේ 28 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි  ප්‍රධාන පෙළේ රෝහලකට ඇතුලත් වී ඇති බවයි.

හදවත් සැත්කම් පිළිබඳව ඇමරිකාවේ තිබෙන රෝහල් අතරින් අංක 3 ස්ථානය හිමිව ඇත්තෙත් මෙම රෝහලටයි.

අදාළ රෝහලින් අප කල විමසුමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහලට ඇතුල්වී ඇති බවත් හදවත් සැත්කමක් හෙට දිනයේදී සිදු කිරීමට ඇති බව දැනගන්නට ලැබුණි.

 

NO COMMENTS

Leave a Reply