කරවිල කියල කිව්වම කටට දැනෙන්නේ තිත්ත

කරවිල කියල කිව්වම කටට දැනෙන්නේ තිත්ත

0 172

කරවිල කියල කිව්වම කටට දැනෙන්නේ තිත්ත රසක්. ගොඩාක් දෙනෙක් කරවිල වලට අකමැති මේ “තිත්තයි” කියලා කියන කතාවම නිසා වෙන්න ඇති. ඇත්තටම “තිත්තයි” කියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක් දැනෙනවා තමයි.

හැබැයි මේ මොනවා කිව්වත් කරවිල ගැන ” තිත්ත ඇත්තක් “තියෙනවා. ඒ තමයි කරවිල කියන්නේ සිරුරට ඉතාම හොඳ ආහාරයක් කියන එක. ඇමරිකාවේ නෙවාඩා හි විකල්ප වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ මාහාචාර්ය වරෙයක් වන Dr. Frank Shallenberger නැමැත්තා කරවිල වල මේ ගුණය විද්‍යාත්මකව පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඔහු කියන විදිහට කරවිල Anti Aging Treatment එකක් එහෙම නැත්තං වයස පෙනුම අඩු කරන ප්‍රතිකාරයක් විදිහට ගන්න පුළුවන්. තව පැත්තකින් පිළිකා නාශකයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද කරවිල කෑවම පිළිකා සහිත ශෛල වර්ධනය වීමට වඩා වැඩි වේගයකින් සාමාන්‍ය නිරෝගි ශෛල වර්ධනයක් සිදුවෙනවා. මේ නිසා පිළීකා ශෛල පාලනය කරනවා. විශේෂයෙන්ම අමු කරවිල පානයක් විදිහට හදාගත්තම ඒකෙන් මේ නිරෝගී ශෛල වර්ධනය කරන එක වැඩි වේගයකින් කරන්න පුළුවන්‍. කරවිල බීම කියන්නේ අගනා ඖෂධීය පානයක්.

ඉන්දියාවේ මේ කරවිල බීම අතිශය ජනප්‍රිය පානයක්. මොනතරම් ජනප්‍රියද කිව්වොත් අර අපේ super market වල පළතුරු බීම තියෙනවා වගේ එහේ super market වල සහ අනිකුත් වෙළඳසැල්වල කරවිල බීම හදලා ටෙට්‍රා පැක් වල අසුරලා විකුණන්න තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කේරළය වගේ ප්‍රාන්ත වල ජනප්‍රිය කර්මාන්තයක් මේක. එයාලා කරවිල බීම හදලා අපනයනය කරනවා. අපේ බීම නිෂ්පාදකයින්ටත් මේක හොඳ ආරංචියක් වේවි. මොකද ශ්‍රිලංකාවේ තවම එහෙම කරවිල බීම අලවියට නැති නිසා.

කොහොම වුනත් මේක ගෙදර හදාගන්න එකත් මහ අමාරු දෙයක් නෙවෙයි. මෙන්න හදන විදිහ තියෙනවා. කියවලා හදාගෙන බීලා බලන්න. (ඉදිරි ලිපියකින් බලාපොරත්තු වන්න)

මීට අමතරව රුධිර පීඩනය, සමේ රෝග, උදරාබාධ සහ විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට කරවිල ඉතාම ගුණදායක ආහාරයක්. කරවිල ඉන්දියාව, චීනය, අප්‍රිකාව වාගේ රටවල වටිනා ඖෂධයක් විදිහට අතීතයේ ඉඳලා පාවිච්චි කරනවා කියලාත් කියවෙනවා. විශේෂයෙන් රෝග වලට ඔබ ගොදුරුවීමට තියෙන ඉඩකඩ කරවිල වලින් අවහිර කරනවා කියලා බොහොම පැහැදිලියිනේ දැන්…

ඒ වගේම ඇසේ පෙනීමටත් කරවිල ඉතා ගුණදායක ආහාරයක්. පෙනීම දුර්වල අයට කරවිල ආහාරයට ගැනීම ගුණදායක දෙයක්.

ඒ වගේම ඇල්කොහොල් වලින් සිරුරට වෙන හානිය වළක්වා ගන්නත් කරවිල ඉතා ගුණදායකයි කියලා තමයි කියන්නේ. මොකද කරවිල ආහාරය‍ට ගැනීමෙන් අක්මාව පිරිසිදු කරනවා. මේ නිසා මත්පැන් වල අහිතකර බලපෑම් තවදුරටත් ඇති වෙන්නේ නෑ

NO COMMENTS

Leave a Reply