Timber by EMSIEN-3 LTD

Daily Archives: Jun 19, 2017

හුරුපුරුදු ගිනි අවිය
නුඹයි මගෙ මුල් බිරිද
අවසාන මොහොතෙදිත්
මා අතැර දා නොගිය..

තල් වැටේ මාඉමේ
හුස්ම පොද හිර වෙලා
මියෙදෙන්න හදද්දිත්
මගෙ දෑතෙ හිර වෙලා
පණ කෙන්ද රැකගත්ත
නුඹයි ආදර බිරිද..

දුකේදිත් සැපේදිත්
එක ලෙසින් තනි රැක්ක
නුඹ තාම මා එක්ක
හුරත්ලෙන් ලන්වෙලා
ඉන්නවා පෙරසේම.

Kalum De Silva

උණුසුම් වෙලා වාගෙයි පෙම් දැහැන ඔබේ.
ඒ ගැන කියන්නට තොරතුරැ නැතිව හබේ.
පෙම් රඳ පහස විඳි හැටි පවසන්න නුඹේ.
ගෙත්තම් කවි කීමේ තව තව රහස් තිබේ.

පරිච්ඡේද 28 න් පමණ සමන්විත රේඩියෝ මතක කෘතිය , ජාතික ගුවන් විදුලියේ දිගු මාධ්‍ය ජීවිතයකට හිම්කම් කියන හේමසිරි කුලරත්න නම් ප්‍රවීන ප්‍රවෘත්ති මාධ්‍ය වේදියාගේ දිගුකාලීන මතකයන් ගොනුකර නිර්මාණය වූවකි . මේ කෘතිය මෑත කාලයේ සිංහලෙන් ලියැවුනු ඉතා අගය කල යුතු පොතකැයි මට සිතේ . පොදු පාඨකයාට මෙන්ම විශේෂයෙන්ම ගුවන් විදුලි මාධ්‍යයට අත්පොත් තැබීමට පිවිසෙන දහසකුත් එකක් තරුණ මාධ්‍ය විද්‍යාර්ථීන්ද අනිවාර්යෙන්ම කියවිය යුතු , කියවා ලග තබාගතයුතු අගනා අත්පොතකි . සිය මාධ්‍ය සංචාරයේදී ඔහු අත්දුටු පරිසරය හා හමුවූ විවිධ පුද්ගලයින් ගැනද රසවත්ව ගලායන ලෙසින් පද ගලපා ඇති හේමසිරි කුලරත්නයන්ගේ රේඩියෝ මතක , නවකයින්ට මෙන්ම අපටද ඉතා වැදගත් වේ . තවද ඓතිහාසික ඡායාරූප රැසක්ද මෙයට ඇතුලත් කිරීම පොතෙහි ආකර්ෂණය තවතවත් වැඩිවර්ධනය කිරීමට හේතු වී ඇත . ඔහුගේ බස සරලය .ඉදිරිපත්කිරීම ගලායන දියදහරක් සේ පාඨකයා නොවෙහෙසයි . මේ කෘතිය එකහුස්මට වුව කියවිය හැකිය . එහෙත් එසේ නොකොට හොඳින් අධ්‍යයනය කරමින් මතකයේ රඳවා ගනිමින් කියවා , ඒ රේඩියෝ මතකය ඔබගේද මතකයක් බවට පත්කරගැනිමට උත්සාහ ගන්න .මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන නවකයින්ට රේඩියෝ මතක නැතිවම බැරි ග්‍රන්ථයක් වනු නොඅනුමානය. 

මෙවැනි අපූරු ග්‍රන්ථයක් මාධ්‍ය ක්ෂේත්‍රයට තිළිණ කල හේමසිරි කුලරත්න ප්‍රවීන ප්‍රවෘත්ති මාධ්‍ය වේදියානෙනි , ඔබට තුති !
-Asoka Tillekeratne 

0 28
අපේ කෙල්ලෝ මාරම ආසයිනේ ලස්සන වෙන්න සුදු වෙන්න. ඔයාලගේ මුහුණට ස්වාභාවික දේවල් වලින් සදා ගත් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම් ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක් එකක් නිවසේදීම බොහොම පහසුවෙන් සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය

RANDOM POSTS

0 18
කාලයත් සමග වේගවත් ව ඉදිරි ගමනක යෙදෙන මිනිසා නවීන විද්‍යාවේ හිනිපෙත්තේ සිටිය දී වුව ද සියවස් ගණනාවක් ඉපැරණි විද්‍යාවන්, තාක්ෂණ ශිල්පීයක‍්‍රම, සෞන්දර්ය කලා ශිල්ප,...