Timber by EMSIEN-3 LTD

Daily Archives: Jun 1, 2017

0 23
මාතර අත්තුඩාවේදී ඔරුවක් පෙරළීමෙන් තිදෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.
ඔවුන් තිදෙනා අද (1දා) ගැඹුරු දිය ඇති ස්ථානයක ඔරුවක ගමන් කරමින් සිටියදී සැඩ පහර නිසා පාලනය කළ නොහැකිවූ ඔරුව පෙරළී තිදෙනාම දියේ ගිලී ඇත.

0 30
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වනදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පුද්ගලික සංචාරයක් ආරම්භ කරමින් සති දෙකක් සඳහා දිවයිනින් පිටව ගියේය.

රටේ ගංවතුර ආපදා තත්ත්වයක් තිබියදී හදිසියේ අගමැතිතුමා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය.

0 37
ගංවතුරක් යනු විශාල ඡල කඳක් පිටාර ගලා යාමක් වන අතර එය බිම් පෙදෙසක් ඡලයෙන් ගිල්වා ගනී. ගංවතුර නිර්වචනයට අනුවනම් ගංවතුරක් යනු යම් බිමක් තාවකාලිකව ඡලයෙන් යටවීමක් මිස සාමානයෙන් බිමක් ඡලයෙන් පිරී යාමක් නොවන බවයි. ජලය ගලායාම පිලිබඳ සලකා බැලීමේදී, එම වචනය වඩදිය බාදිය ඇතුලට ගලා යාමටද යොදා ගත හැක. ගඟක හෝ වැවක, ඇති ජල ප්‍රමාණය එය පෙර පිරී තිබූ කොටසින් පිටාර ගැලීම හෝ කඩාගෙන යාම ගං වතුර ගැලීමට හේතු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහරක් ජලය එහි සාමාන්‍ය මට්ටම ඉක්මවා යාමයි. වැවක, ඇති ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම හෝ ඉවුරුවේලි කඩාගෙන යාම ගං වතුර ගැලීමකට හේතු වේ. වැවක පිරී ඇති ජල පරිමාව හෝ අනෙකුත් ජලය පිරී ඇති තැන්වල ජලය පිටාර ගැලීම වර්ෂාපතනය හා අයිස් කැටවීම් වැනි සෘතුමය වෙනස් වීම් මත විවිධ වේ. මෙසේ ජලය පිටාර ගැලීම් ගම්, නගර හා අනෙකුත් බිම් පෙදෙස් පුරා පැතිර ගොස් එය උපද්‍රවයක් තත්ත්වයට පත්වන ගංවතුරක් ලෙස නොසැළකේ.

කලුම කලු කට්ට කලූ
අහක දාපු සුදුම යාලු
මෙන්න බලන්…සුදු කෙල්ලක්
මට දෙන තොත්තූ….

කලුම කලු දැකුම්කලූ
සුදුම හිතට තේරුනලූ
අහක බලන්…සුදු කොල්ලනි
මේ මගෙ වස්තූ….

කලුම කලූ කලු දොදොලූ
රසම රසට වහ වැටෙලූ
හිනා බලන්…මගෙ මුවගේ
තොත්තුව ගත්තූ…..

කලුම කලූ කලු යාලූ
උඹලාටත් ඉරිසියලූ
අහක් වෙයන්…මගේ ළඟින්
නොබලා ඔත්තූ…..

-දයා හේමන්ත-

RANDOM POSTS

0 5
ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ මෝටර් සයිකල් බදු අඩු කෙරේ මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක් අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන...