Timber by EMSIEN-3 LTD
නිවුස් කෑලි

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 05 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ආණ්ඩුව බාරගන්නා විට අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවද වර්තමානය වන විට එම අභි‍යෝග ජයගනිමින් සිටින බවයි.

මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අද 18 උදෑසන   හදිසියේ වී තිබේ. ඔහු නිවසේ පඩිපෙලකින් ඇද වැටි ඇති බවද එම අවස්ථාවේ මොළයේ නහරයක් පිපිරීයාමෙන් පසු අසාධ්‍යවූ බව රෝහල් ආරංචි සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය.

ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ
මෝටර් සයිකල් බදු අඩු කෙරේ
මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක්

අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.
අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද(16) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර තිබේ.
රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ එම කැඳවීම සිදුකර ඇති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවට ඊයේ (10 දා) දහවල් ෆුල්ෆේස් හෙල්මට්‌ පැළඳ කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා එක්‌ නිලධාරියකු ඝාතනය කර ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් ලක්‌ෂ 16 ක්‌ කොල්ල කා පළාගොස් තිබේ.

මොරටුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වසර 3 ½ ක මෙකට්‍රොනික්ස් පාඨමාලාව හැදෑරූ ඔහුව කලක සිට විදුහල්පති විසින් පොළඹවාගන්නට උත්සාහ දරා තිබුණ බවටද වාර්තා තිබෙන අතර ඔහු ඒවාට දැක්වූ පිළිකුල නිසා විදුහල්පතිගේ බලාපොරොත්තු ඉටුවී නැත.

එක්සත් ජනපදය විසින් පනවා ඇති නව සම්බාධක, මොස්කෝවට එරෙහිව “පූර්න පරිමානයේ වෙලඳ යුද්ධයක්” ප්රකාශයට පත්කිරීමට සමාන බව රුසියානු අගමැති ඩිමිටි මෙඩ්විඩෙව් පවසයි.

අමාත්‍ය රවී කරුණානයක මහතා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් ඇත්ත හෙළිදරව් වන බවත් වසන් කිරීමට නොහැකි බවත් පවසා ඇත.
 පසුව මාධ්‍ය අමතමින් ඊයේ පවසා තිබේ.

ප්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක මහතා අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට 69 වන වියෙහි ඔහු පසුවුණා.
වාදන ශිල්පීයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු ගාමිණී ෆොන්සේකා මහතාගේ උතුමාණනි සාගරයක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිස්සු චිත්‍රපට වල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ප්‍රකට නමක් දිනා ගත් අයෙකි.‘රැවුල් කාරයා‘ යන ආදර නාමයෙන්ද ඔහු ප්‍රකටව සිටියේය..රජ දරුවෝ හඳයා, සැලමුතු පින්න, කවුද බොලේ ඇලිස්,දුවන මුවන් වැනි චිත්‍රපට වලටද ඔහුදායක විය. බිළිඳුනේ දරුවනේ ගීතය  ඔහු රජ දරුවෝ චිත්‍රපටයට සංගීතවත් කළ ගීතයකි.
 ප්‍රවීණ සංගීතවේදි වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරෙකු ව මෙතුමා දරුවන් 3 දෙනෙකුගේ පියෙකි.
දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය

RANDOM POSTS

0 5
වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 05 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ. සේවයේ අවශ්‍යතාව මත පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු...