Timber by EMSIEN-3 LTD
සිතිවිලි නිම්තෙර

එදා තනිකඩ උනාට පස්සේ තනිකඩ ජීවිතේ සුවය විඳිමින් කාලයක් සතුටින් ජීවත් වෙන කොට ටික ටික තනිකඩ ජීවිතේ තියෙන කටුකත්වය අවබෝධ වෙන්ඩ ගත්තා.බාත් රූම් එකේ මම ඉන්න වෙලාව සෑහෙන්ඩ වැඩියි කියලා ගෙදර අය චෝදනා කරන්ඩ ගත්තට පස්සේ සහ බ්ලොග් එකක් බලාගන්ඩවත් විදිහක් නැති වෙන විදිහට නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා යන්ඩ ගත්තට පස්සේ මම තීරණය කළා තනිකඩ ජීවිතේ ගත කළා ඇති කියලා.මම තරුණ කොල්ලෙක්ට ජීවිත කාලේ ඇතුලත ගන්ඩ සිද්ද වෙන භයානකම තීරණය ගන්ඩ හිතුවා.

250

ඔව් මම කසාදයක් බැඳ ගන්නවා.ඊට පස්සේ අක්කර දහයක පහළවක පුංචි ඉඩමක කාමර දහයක් දොළහක් තියෙන පුංචි ගෙයක් හදාගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක පුංචි රස්සාවක් කරගෙ ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන හැටි හීන මැව්වා.ජීව්තේ ගොඩාක් බෝරිං උනොත් ඡන්දේ හරි ඉල්ලන්ඩ බැරියෑ.ඊට පස්සේ ජනාධිපති වෙලා ජනතාව අතරට යන කොට ඇමති ආරක්ෂකයෙක් වතුර බෝතලයක් ඉනේ ගහගෙන මගේ ගාවට කිට්ටු වෙනවා හීනෙන් පෙනිලා මම කෑ ගහගෙන නැගිට්ටා.

“මොකද මොකද භූමිකම්පාවක්ද?” ආච්චි කාමරේට කඩාගෙන පැන්නේ ඔළුවත් අත්දෙකෙං වහගෙන.

“මොන භූමිකම්පාද ආච්චි.මම මේ හීනයක් දැක්කා.” මම ආච්චිට හොරෙන් සරම අතගාලා බැලුවේ හීනෙන් බය වෙච්ච පාර මුත්තරාත් ගිහිල්ලද කියලා.

“තූ විතරක් නොසන්ඩාලයා.ඈ යකෝ මේ නහින දෙහින කාලේ ඉන්න මාව මෙහෙම බය කොරන්ඩ හොඳද මං අහන්නේ? උඹ මොකක්ද හීනෙන් දැක්කේ ඔච්චර බය වෙන්ඩ තරං? ජාතික ගීය අරාබිවලිනුත් කියන්ඩ දීලා වගේ”
“ඈ ආච්චි, ආච්චි බඳිද්දි වයස කීයක් විතරද?” මම ආච්චිගේ ප්‍රශ්නය මගහැර ඇසුවෙමි.
“පාළොහක් විතර ඇති මයේ හිතේ.කොහෙද උඹලගේ සීයට ඉවසුං නැතුවනේ හිටියේ.”
“එතකොට සීයට වයස?”
“බොලාගේ සීයා මට වඩා අවුරුදු දෙකනේ වැඩිමල්”
“එතකොට ආච්චිලා බැන්දේ ලව් කරලද නැත්තං ප්‍රොපෝසල් එකක්ද?”
“හූහ් ඒ කාලේ මේ දැං වගේ ඔය නෙයියාඩගං තිබ්බේ නෑ.ගෙදරිං මොකක්ද කියන්නේ ඒකට හා කියනවා මිසක් ඔය දැං ඉන්න උං වගේ ඔක්කොම නැටිලි නටලා ඉවර වෙලා නැන්දම්මට නොපෙනෙන්න ඈත පැත්තක හොනිමුං ගියේ නෑ.අපි විළි සංගේ ඇතුව හැදුනේ.පිරිමියෙක්ගේ මූන බලලා කතා කරලා නෑ.”
“ඔය ඇත්තමද ආච්චි? හොඳයි ආච්චි කොල්ලො එක්ක යාළු උනේ නැති උනාට කොල්ලො ආවේ නැද්ද ආච්චි එක්ක යාළු වෙන්ඩ?”
“හෙඃ ඒ හරිය මොකට කියනවද?මං ඒ දවස්වල වෙලේ ළිඳෙං නාලා ගෙදර එනකොට ගමේම කොල්ලො පාරට එනවා.උං එක එක ඇට්ටිං දානවා ඇස් ගහනවා ඒ උනාට මම නෙමෙයි ඒ එකෙක් දිහා ඔළුව උස්සලා බැලුවේ.මාව කරකාරේ ගන්ඩ හිතාගෙන හිටපු දෙන්නෙක් ගහමරාගෙන ගං දෙකක් තරහත් උනා ඕං.”
“මේ ගෑනිගෙ කෙබර උඹත් ඉතිං පිළිගන්නවනෙ.අනේ ගොනා” සීයා එහෙම කියාගෙන කාමරේට කඩා පාත් උනා.”මොනවද මම කියන කෙබර”

“මේ ගෑනි නාලා එද්දි කොල්ලො පාරට ආවෙ නැහැ පුතේ.කොල්ලො පාරට එන වෙලාවක් බලලා තමයි මේ උඹලගෙ ආච්චි නාන්ඩ ගියේ””අනේ යනවා යන්ඩ”

“එතකොට සීයා කොහොමද ආච්චිට සෙට් උනේ?” මම ඇහුවෙ වලියක් යයි කියලා බය වෙච්ච හින්දා.

“උඹලගෙ සීයට ඒ කාලෙ හරියට මදන විසේනෙ පුතේ.මගෙ පස්සෙං වැටිච්චි ගමංමයි.” ආච්චි පැනලා උත්තර දුන්නා.

“උඹලගෙ ආච්චි අපේ නංගිව යාළු කරගෙන මම යන එන තැං ගැන ඔත්‍තු බලලා ඒ හැම තැනටම රිංගුවා පුතේ”

“වැඩේමයි මෙතන මෙයා පස්සෙ යන්ඩ.මට අමාරුවනෙ.”

“අමාරුව හින්දා නේන්නං අමාරුව හොඳ කරන කං මගෙ වටේ කැරකුනේ.”

“කාගෙ අමාරුවද දන්නෙ නෑ එදා බැදි දෙල් ගහ ළඟදි මාව මූකලානට උස්සං ගොහිංහ හොඳ කර ගත්තෙ?”

“එපා නං කෑගහන්ඩ නොවැ තිබ්බෙ.හිටියෙ යස අපූරුවට.අන්තිමට මම යමුයි කිව්වම කවුද දන්නෑ තව ටිකක් ඉඳලා යමු කීවෙ.”

“ඉඳලා යමු කීවෙ කවුරුවත් දැක්කොත් කියලා.කොහෙද ඒකත් අර ඩිංගිරා දැකලා අපේ ගෙදෙට්ට කිව්වෙ නැත්තං හොඳ මිනිහෙක් එක්ක දීග යන්ඩ තිබ්බා.ලැම්බට් සිංඥො මට කොච්චර මනාපෙන්ද හිටියෙ. ඉහි..ඉහි…”

ආච්චී අඬන්නට පටන් ගත්තාය.සීයාගේද හිත උණු විය.උන්දෑ සාරුක් ඛාන් වාගේ ආච්චීව තුරුල් කරගත් වහාම මම පරම්පරාවේ රහස් හිතෙන් දරාගෙන කාමරෙන් එළියට පැන ගතිමි.

 

උපුටනය දිනුක ජයකොඩිගේ පෑල දොර….

වෙන්නට හිතුනා පෙණ පිදුවක් මට

රල බිදෙනා පෙර කුල මත ඇතිරුණ

වෙරළට එන්නට දාග කරනා සද

ඔබ සිප ගන්නට විසිරී පැතිරුණ

වැලි තලයේ සූදු වැලි තලයේ

කෙලෙසක අවසර දෙයිදෝ මේ රල

ඇදගෙන ඇතට මා ගෙන යනු මිස……………….

 

දිවි ජය ගන්නට වෙර දරණා දුර

සයුරු තරන්ගෙක හැපී බිදුණු හද

විසිරී ඉහිරුණු දුක් දෝනා මැද

නිමක් දුටුවා තැන ලය මා හිර කල

රුදු සුළගේ මහ රුදු සුළගේ

කෙලෙසක අවසර දෙයිදෝ මේ රළ

ඇදගෙන ඇතට මා ගෙන යනු මිස……………..

 

විදිනට අපමණ සෙනෙහස දෝරන

පැල මගෙ දරු කැල බිරිදද ආදර

ඇතිකළ උණු කදුලැලි දැක පාරන

හදවත විදවනු කෙලෙසද සූරන

හිමි දෙවිදේ ලොව හිමි දෙවිදේ

කෙලෙසක අවසර දෙයිදෝ මේ රල

ඇදගෙන ඇතට මා ගෙන යනු මිස………………