Timber by EMSIEN-3 LTD
සිතිවිලි නිම්තෙර

අනේකවිධ දෝමනස්සයන්
සිතින් පලවා හැර
මුනිවත ද ශීලිචාරකම ද රැක
හෙට හිරු සමඟ උදාවන
රත්‍රං පැහැ අරුණැල්ල මත
ලෝදිය බඳු දහඩිය වඟුරුවන
කශේරුකා මත පා දුවන
කෙසඟ ශරීර ඇති මිනිසුන්
විසිරි හීන පසුපස හඹායමින්
සර්වකාලීන උන්මන්තකයන්
ලෙස රුධිරය පිරි මාංශයන්
සිය භෝජන අවශ්‍යතා මඟින්
නිරන්තරයෙන් මෙහෙයවා
නඩත්තු කරනු ඇත්තෝ වුවද
උන් ඉන් තෘප්තිමත් වන්නා
නමුත් මවාගත් ආටෝපයන්ට
සාපේක්ෂව ඔවුන් මියයන්නේ
තම තමන්ගේ ඉරණම් සිහින
ආශ්වාදජනක කර නොවුනා
සේම අන්‍යෙනෝන්‍ය ලෙස ඒවා
හුවමාරු නොකරම අකාලයේ
වැළලීයන රුධිර පිපාසිකත්වය
තම දායකයාට උරුම කරමිනි

නිහඩ බව භාෂාවකී
ශබ්ද නගා කියවීමෙන්
වලකින්න
ඔබ
හැගීමකට ඉඩ දී
නෙත් අයා බලා හිදින්න
අහන්නට කැමති දේ
දැකිය හැක
ඔබට
එය ගන්න හිතට
වැටහේවී ඔබට එවිට
බොහෝ දේ
නොකී වදන් ගොඩක
සිතුවමක් සේ
පැහදිලිව පෙනෙන…..

@අසම්මත/17/05/25/@

බසයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් රියදුරු ඇතුළු 8 ක් මරුට. 29 කට තුවාල – පුවතක්
” ඒ වෙලාවෙ පාරට මීදුම බාලා තිබ්බෙත් නෑ. මං හිටියෙ බස් එකේ ඉස්සරහම හරියට වෙන්න .පාරෙ අනිත් පැත්තෙන් වාහන ආවෙත් නෑ. ඒත් ඩ්‍රැයිවර් නිකං එකපාරටම බස් එක හෙලට කැපුවා.”- (අනතුරෙන් දිවි බේරාගත් මගියෙක්)

 

බිඳුණු කල ප්‍රේමය
අළුව විසිරි විශ්වාසය
නම්වූ ඔබ බිහිසුණු ව
එ`අළු යට ගිනියම් ව
පුපුරමින් පත් වේදනා
යකඩ කුන්තයක්
සේ අමෝරා විත් අතැර
ම`හද පසාරු වන්නට
ඉඩහැර අතොරක් නැති
කටුක අතීතාවර්ජනා
මෙනෙහි කර අපවාදී ව
රොස් පොරොස් බස්
විනිවිදව එන්නත් කර
සැනසුනා මතක ය.
මතක අමතක නොවූ
වැරදි බොහෝ ඇති මා
නිවැරදි ඇයගෙන් දිනක
අවසන මෙසේ ඇසීමි
මෙලෙස

” නුඹ තවම ආදරේද මට “

.
#කස්සා

.අළු බ්ලැන්කෙට්ටු පොරවන කොළඹ අහස
රළු රැවුමකින් අඳුරු පැහැ ගෙන වලාකුළු දෙඇස
සෝෆාව මත ගුලිව – පෙම් කවක් තුල සැඟව
අතුරුදන් වෙන්න නම්
මේ තමයි කියාපුම දවස

 

සිහින් දුම් රළක දියකර ඉඟුරු තේ සුවඳ
සෙමෙන් මුත් තදින් සුදුමැලි කොපුල් පෙති වැළැඳ
‘සින්තටික් සිහින’ තේමා ගීය වැයෙද්දී
පැරණි පෙම් කතාවක කැබලි අහුලන්න නම්
මේ තමයි කියාපුම හවස
අද නිසා ගැලපෙනම දවස
පාවෙවී පාවෙවී ඉන්න එක විතරමයි පවස
ඒ වුණත් දිගහරිමි එක්සෙල් ගොනුව
සතුටු බමනයක් කරගන්න ඕනාය කැරකෙන පුටුව
~ බස්සි

 

ඇපල් මල පොපියපන්…
පැපොල් කිරි රස බලන්…
මුගුණ දළු සපා කයි…
විශ පිරුණු දළබුවන්…
දළ සපිරි සර්පයන්…
වෙස් මවන කටුස්සන්…
මැසි මදුරු ගිල දමයි…
ගෙබි හූනෝ දිව දමන්…
හොටේ දිග බටිත්තන්…
තටු සිනිදු සම ලියන්…
පෝශනේ කරයි මල්…
පරාගව ඵල දරන්…
දඩාවත නෙතු යොමන්…
කුණු කූඩ අවුස්සන්…
ඉදුල් කයි දද පිරුණු…
හොරි හැදුනු බැල්ලියන්…
නෙලුම් විල මඩ උනත්…
මල ඔහේ පොපියපන්…
නොගෑවී මඩ උඩින්…
බුදුන් පුද සැනසියන්…
හලා හල විශ පොවන්…
නාග පෙන පිප්පුවත්…
උබේ රතු ධවල පට…
රැක සදා සැනසියන්…

D.M.S.සදරුවන්…

තේරුම් ගන්න අමාරු ඇති…
කවිය වගේම මේ ඇත්තත්..