Timber by EMSIEN-3 LTD
සිතිවිලි නිම්තෙර

මා ලැබූ ප්‍රේමයේ වත්කම
නුඹම මිස වෙන කිසිත් නැති කොට
වෙලා ගන්නම් දැනෙන්නට සිත
සදා රකිනට පණ සේම පෙම

බරාධික හුස්මක්ව සිර වූ
මතකයන් යලි යලිත් අයදින
අතීතයෙ රැදි ඒ සෙනේහේ
සොයයි මකනට දැනෙන තනිකම

හිමින් අඩි නුඹ තිබූ හැටි මට
මතක් වෙනවා සෙවණැල්ල මත
මගේ පපුපස ඇවිත් එකිනෙක
හැරී ගියෙ කිම විමසතී දුක

ආදරණීයම සමීර

වල දමන්නට නොහැකි කන්දක්
මගේ පුංචි හිත ඇතුලේ
අතීතය විටින් විට
සංස්කරණය නොවී
ඇවිදයයි හද රිදවමින් පතුලේ
ඔබ ඇවිත් ඒ මදිවට
කොනිති ගගහ පාරවන්නේ
ඇයි කියා නොදැනේ

 

@අසම්මත/17/06/13/@

කලුම කලු කට්ට කලූ
අහක දාපු සුදුම යාලු
මෙන්න බලන්…සුදු කෙල්ලක්
මට දෙන තොත්තූ….

කලුම කලු දැකුම්කලූ
සුදුම හිතට තේරුනලූ
අහක බලන්…සුදු කොල්ලනි
මේ මගෙ වස්තූ….

කලුම කලූ කලු දොදොලූ
රසම රසට වහ වැටෙලූ
හිනා බලන්…මගෙ මුවගේ
තොත්තුව ගත්තූ…..

කලුම කලූ කලු යාලූ
උඹලාටත් ඉරිසියලූ
අහක් වෙයන්…මගේ ළඟින්
නොබලා ඔත්තූ…..

-දයා හේමන්ත-

RANDOM POSTS

0 18
කාලයත් සමග වේගවත් ව ඉදිරි ගමනක යෙදෙන මිනිසා නවීන විද්‍යාවේ හිනිපෙත්තේ සිටිය දී වුව ද සියවස් ගණනාවක් ඉපැරණි විද්‍යාවන්, තාක්ෂණ ශිල්පීයක‍්‍රම, සෞන්දර්ය කලා ශිල්ප,...