Timber by EMSIEN-3 LTD
Video

0 1186

ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් තරුණයෙක් මෙම පිහි ඇනුම සිදුකර තිබූ අතර, ජීවිතක්ෂයට පත්වූ තරුණිය අවුරුදු 19 ක් වයසැති වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට පැවසුණා.
එම සිදුවීම පිළිබඳ නැවත සිහිපත් කරමින් අදාල සිද්ධියට සම්බන්ධ රෙදි අලෙවිසැලේ එදින සිදුවූ සිදුවීමේ CCTV දර්ශන බවට පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එහි දැක්වෙන පරිදි තරුණයා විසින් පිහියක් ගෙන එකවරම තරුණියට ප්‍රහාරයක් එල්ලකරන අතර ඔහුද ඉන්පසුව එම පිහියෙන්ම ගෙල කපාගන්නවා. එය වැලැක්වීමට පුද්ගලයෙක් උත්සාහ ගත්තද ඔහුට එය වැලැක්වීමට හැකිවන්නේ නැහැ.
මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් බව කරුණාවෙන් සලකන්න. සංවේදී අය නැරඹීමෙන් වළකින්න

 

පාතිමා රුක්ෂානා ඉස්මි මරණයට දින කිහිපයක පෙර තම මවට කතා කරමින් තමන්ගේ මරණය අතළඟ ඇතැයි සඳහන් කර ඇත්තේ මෙලෙසයි.
“අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑ. දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑ. ඒ වුණත් එයාට මම ආදරෙයි. එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ. මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ. අම්මේ මම දිනේෂ්ව අත්හරිනවා. ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවා. මට කරදර කරනවා මගේ ළඟට එනවා. අතින් අදිනවා. එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවා. ඇයි අපි ආදරේ කළේ කියලා අහනවා. අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයි. පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්න. මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑ. එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේ. අයියට ගෙදර සේරම බර දරන්න බෑ. ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ.”
ඇගේ මව පවසන්නේ දුව ලස්සන නිසා විවාහ යෝජනා රැසක් ද පැමිණි බවයි.

“දුව ලස්සන නිසා නිතරම විවාහ යෝජනා ආවා. මෙයා ඒ එකකටවත් කැමැති වුණේ නෑ. අවුරුදු 1 1/2ක සිට පිරිමි ළමයෙක් සමඟ සම්බන්ධකමක් තියෙන බව දුව මටත් මගෙ පුතාටත් කිව්වා. මේ දෙන්නම වැඩ කළේ එකම රෙදි සාප්පුවක. අපි ඒ ළමය ගැන සොයා බැලුව. එයා අපට ගැළපෙන්නෙ නෑ. ඒ ළමයා අපේ ගෙදරටත් කෝල් දෙනවා. බැරිම තැන අපි දුව සාප්පුවෙන් අස්කරගත්තා. මාස කීපයක් දුව ගෙදරට වෙලා හිටියා. පස්සේ අපට ආර්ථික අගහිඟකම් ඇතිවුණා. ගෙවල් කුලී ගෙවන්නවත් සල්ලි නැති වුණා.

අගහිඟකම් වැඩි වුණා. ඒ නිසා එයාම කිව්ව ආයෙත් රස්සාවකට යන්න ඕනෑ කියලා. අපි ඒකට ඉඩ දුන්න. එයාගෙ පුංචිඅම්මා වැඩ කළ සාප්පුවෙම එයාට රස්සාවක් හදලා දුන්නා. මේ සාප්පුවත් තිබුණේ එයා ඉස්සර වැඩ කළ රෙදි සාප්පුව ළඟමයි. අපි හිතුවෙ මේ සම්බන්ධය නැහැයි කියලයි. ඒත් අර පිරිමි ළමයගේ හිතේ සම්බන්ධය එහෙමම තිබිලා. දුවට නිතර ඒ ළමයා කරදර කළා. දුවගේ අතින් ඇදලා විහිළු කරනවා කියල දුවගේ යාළුවො අපට කිව්වා. මට ඉවසන්න බැරිම තැන මම ඒ සාප්පුවට ගිහින් ඒ ළමයා හමුවුණා. ආන්ටි මම දුවට කරදර කරන්නේ නෑ කියලා ඒ වෙලාවෙ පොරොන්දු වුණා. සාප්පුවෙ මහත්තයත් කිව්ව බය වෙන්න එපා දුව ආරක්‍ෂා කරන්නම් කියලා. ඔන්න මගේ දුව ආරක්‍ෂා කළ හැටි..”

280

RANDOM POSTS

0 5
ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ මෝටර් සයිකල් බදු අඩු කෙරේ මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක් අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන...