Timber by EMSIEN-3 LTD
Authors Posts by admin

admin

237 POSTS 0 COMMENTS

0 18

කාලයත් සමග වේගවත් ව ඉදිරි ගමනක යෙදෙන මිනිසා නවීන විද්‍යාවේ හිනිපෙත්තේ සිටිය දී වුව ද සියවස් ගණනාවක් ඉපැරණි විද්‍යාවන්, තාක්ෂණ ශිල්පීයක‍්‍රම, සෞන්දර්ය කලා ශිල්ප, නිපැයුම්, වෛද්‍ය ක‍්‍රමවේද හා භාවිතාවන් කෙරෙහි ද සමගාමී ගවේෂණයක යෙදීම අවධානයට යොමු කළ යුතු කාරණයකි.

0 23

හොඳ ම ව්‍යායාම් ක්‍රමවේදය සහිත ක්‍රීඩාව සෙවීම ක්‍රීඩාවක් කරනවාටත් වඩා අපහසු කටයුත්තක් වනු ඇත. නමුත් පිහිනුම් ක්‍රීඩාව තුළ හොඳ ම ව්‍යායාම් ක්‍රමවේදය ඇතුළත් වන බව ඔබ කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

පිහිනුම් ව්‍යායාම සැබැවින් ම තරමක් අපහසු යි. එමෙන් ම ඔබ ඒ සඳහා පහසු කාලයක් වෙන් කරගෙන, සුදුසු පිහිනුම් තටාකයක් සොයාගෙන සූදානම් විය යුතු යි. එනමුත් එමගින් ඔබට ලැබිය හැකි ප්‍රතිලාභ ඔබ සිතනවාටත් වඩා වටිනාකමකින් යුතු යි. මේ තිබෙන්නේ ඔබට පිහිනුම් ක්‍රීඩාව තෝරාගැනීමට හේතු කිහිපයක්.

1. ජලය ඔබ ව සංසිඳුවයි.

අතීතයේ සිට ම ජලය නැවුම් බවේ සහ පිවිතුරු බවේ සංකේතයක් ලෙස සළකනු ලබනවා. මේ බව විද්‍යාත්මක පර්යේෂණ තුළින් ද සනාථ කර තිබෙනවා. අධ්‍යයනයන් තුළින් අදහස් කර ඇත්තේ ජලය ආශ්‍රිත ව සිටීම මොළයේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් ඇති කරන බව යි.

ජලය ආශ්‍රිත ව කාලය ගත කිරීම භාවනා කිරීම හා සමාන අභ්‍යාසයක්. විශේෂයෙන් ම එය නූතන ජීවන රටාව තුළ මිනිසුන් බොහෝ විට අත්දකින මොළයේ අති-උත්තේජන තත්ත්වයෙන් මිදීමට උපකාරී වනවා. හොඳම දෙය නම්, ඔබට මේ ප්‍රතිලාභ පිහිනුම් ක්‍රීඩාවේ යෙදී ව්‍යායාම් වල නිරත වීම තුළින් ලබාගතහැකි වීම යි. එපමණක් නොව, ඔබට ජලයේ ඉපිලෙන තෙරපි ක්‍රමය (Floating therapy) ද උත්සාහ කළහැකි යි.

2. පිහිනීම අතුරු ආබාධ වලින් අවම යි.

දිවීම හෝ බහු-අවයවික පුහුණුවීම් මෙන් නොව, පිහිනීම ඔබගේ අස්ථි, සන්ධි සහ මාංශපේශි අනවශ්‍ය ලෙස පීඩාවට පත් නොකරමින් හෘදවාහිනී ක්‍රියාකාරිත්වය ද ඉහළ නංවයි. මෙය ඕනෑම වයස් කාණ්ඩයක පිහිනුම් ක්‍රීඩකයින්ට අත්වන වාසියක් වන අතර විශේෂයෙන් ම වයස්ගත සහ ආතරයිටිස් තත්ත්වයෙන් පෙළෙන අය සඳහා වාසිදායක කරුණක්. එය ශරීරයේ සෑම කොටසක් ගැන ම වගබලාගනිමින් ක්‍රියාශීලී ව සිටීමට ඇති හොඳ ම ක්‍රම වලින් එකක්.

3. පිහිනීම ඔබව සොබාදහමට සමීප කරවයි.

ඔබට මුහුද ආසන්නයේ හෝ වැවක් ආසන්නයේ ජීවත්වීමට වාසනාව ඇත්තේ නම් එවැනි ස්වභාවික ජලස්කන්ධයක පිහිනීමට තෝරාගැනීම ඔබේ සෞඛ්‍යයට තවත් සුවදායක වනු ඇත. අධ්‍යයනයන් තුළින් පෙන්වාදෙන ආකාරයට සොබාදහම තුළ කාලය ගතකිරීම ඔබේ ශරීරයේ නිසි බර පවත්වාගැනීම, ආතතිය අඩු කිරීම සහ ඔබේ මනෝභාවය ඉහළ නැංවීම තුළින් ඔබේ මානසික සහ ශාරීරික සුවය වර්ධනය කරයි.

එපමණක් නොව, ශක්තිමත් පිහිනුම් ක්‍රීඩකයෙකු වීම ඔබට කිමිදීම සහ රළ මත ලිස්සා යාම (Surfing) වැනි වෙතත් ජලය ආශ්‍රිත ක්‍රීඩා වලට ද අවස්ථාව උදාකර දෙනු ඇත.

4. පිහිනීම ශරීර ශක්තිය සහ හෘදවාහිනී ක්‍රියාකාරිත්වය ගොඩනැගීම එකවර සිදුකරයි.

පිහිනීම බලපෑම අඩු ක්‍රියාකාරකමක් වුවත් එය ශක්තිය අධික ප්‍රතිඵල ඇති කරයි. එය නියමාකාරයෙන් ස්වායු (aerobic) ව්‍යායාමයක් ලෙස හැඳින්වුවත් ජලය තුළ ව්‍යායාම වල නිරත වීම සීමිත ප්‍රතිරෝධයක් සපයන බැවින් එය ශක්තිය වර්ධනය සඳහා උපකාරී වේ.

මාංශපේශි වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සුවදායක ශරීරයකට සහ දීර්ඝායුෂ ලැබීමට උපකාරී වනවා. එමෙන් ම ප්‍රතිරෝධය සහිත ව්‍යායාම තුළින් ශරීර සමබරතාව, සුවබර නින්ද සහ අස්ථි සෞඛ්‍යය වර්ධනය කරගැනීමට ද හැකි යි.

5. එය නීරෝගී පෙනහළු පවත්වාගැනීමට උපකාරී වේ.

පිහිනීම සහ වැඩි පෙනහළු ධාරිතාවක් අතර සම්බන්ධයක් ඇති බවට පර්යේෂණ කිහිපයක් ම අදහස් කර තිබෙනවා.

නීරෝගී පෙනහළු තුළින් ශරීරයට වඩාත් ක්‍රියාකාරී ලෙස ඔක්සිජන් සංසරණය කළහැකි යි. ශක්තිමත් පෙනහළු ඔබේ ශරීරයේ රෝගාබාධ පළවාහැරීමට ද උපකාරී වනවා. 2007 වසරේදී කරන ලද අධ්‍යයනයකින් සොයාගනු ලැබුවේ අඩු පෙනහළු ක්‍රියාකාරිත්වය සහ හෘද රෝග අතර සම්බන්ධයක් ඇති බව යි.

ඒ අනුව පිහිනීම යනු මෙවැනි ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලබාගත හැකි ක්‍රීඩාවක් බව ඔබට පැහැදිලි වනු ඇති. එබැවින් ඔබත් නොපමාව පිහිනීම තෝරාගන්න.

උපුටාගැනීම

http://aquaticsports.lk/sinhala/full-news

— බියුටි පුන්චම්මලට බබාලා බලාගන්න දීලා
කොහේවත් යන්න නම් එපා————-

ඇස් දෙක වගෙ මාව බලා—ගන්න කියා පොඩි පුංචිට
අම්මා ගියා නොයාම බැරි —-ගමනක් යන්නෝනෙ කියා ….

සන්තෝසෙන් මාව බදා—-උම්මා දුන්නෙ ඇයිද කියා
තේරෙන කොට පමාවෙලා—-වෙන්න ඕන හරිය වෙලා ….

මගේ ඔලුව පැලිලත් නෑ—ඒත් මොකක්දෝ බැඳලා
මොන මොනාද ජාති ගොඩක් —-ගාලා මුහුණ පිහිදාලා

ඇස් දෙක වහගන්න කියා —-රවුම් දෙකක් තියල එයා
අත් දෙකටත් දීල දෙකක් —-ටුවෙන්ටි මිනිට්ස් කියල ගියා…

දෙන්න එපා පුන්චිලාට—-බබාලනම් බලාගන්න
මේ අසරණ චූටික්කිට —–පේනවාද කරපු හරිය…

අපෙ අම්මිගෙ චූටි මැනික —-ඉන්නව දැක්කනම් මෙහෙම
පපුව පැලෙයි දුක හිතිලා—-කොච්චර වරදක්ද ඒක……

————-පියුමා වික්‍රමසිංහ ——— (සේයාරුව මුහුණු පොතෙනි)

0 32

Taking Unauthorized copies, using, displaying or taking out any portion of these images inside this album for private or commercial use without the written permission of the owners of these, strictly prohibited . All Images are Copyrighted and Owned by IMESH NUWANDAKA PHOTOGRAPHY - 0776613660. MODEL : Ishu Idanthota Imesh Nuwandaka Photography 

0 14

වයස අවුරුදු 20 -25 පමණ වන විට අපේ ශරීරය වර්ධනය විය හැකි උපරිම ප්‍රමාණයට වර්ධනය වී අවසන්. ඉන් පසු ක්‍රමයෙන් අපේ ශරීරය වයසට යනවා. මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් දහස් ගණන් වියදම් කරනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ වැඩිපුර වියදම් නොකර ශරීරයට හිතකර ආකාරයෙන් ස්වභාවික ක්‍රමවලින් තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්.
Almond Oil

කුඩා ආමන්ඩ් ඔයිල් බෝතලයක් මිලදී ගෙන ඔබේ දෑත් වල ආලේප කරන්න. මෙය අත් රැලි වැටීම අඩු කරනවා.

pomegranate-07
දෙළුම් කන්න

දෙළුම් වල වයසට පමා කරවන පුදුමාකාර බලයක් ඇති බව සොයාගෙන තිබෙනවා. සමට අත්‍යවශ්‍ය Pomanox නැමැති සංඝඨකය මෙහි අන්තර්ගතවීම මෙයට හේතුවයි.

imagesස්වභාවික මී පැණි

සමේ මී පැණි ආලේප කිරීම සමට නව පෙනුමක් ලබා දෙන ප්‍රතිකාරයක්. ඔබගේ බෙල්ල, අත් සහ මුහුණේ දිනකට වරක් මෙලෙස මී පැණි ආලේප කර විනාඩි 20 ක් තිබෙන්න හැර සෝදා හරින්න. ක්‍රීම් වර්ග ආලේප කරනවාට වඩා ගුණදායකයි.

 

තක්කාලිTomato-78

හමේ තරුණකම රැකගන්න ගොඩක් උදව් වෙනවා. මේවායේ ඇති Lycopene නැමැති සංයෝගය සමට හිතකර Anti Oxygen වලින් සමන්විත හෙයින් සම රැලි වැටීම අඩු කරයි.

නිවිතිbaby-spinach

නිවිති වලත් Lutein නැමැති  Antioxidant අන්තර්ගත වෙනවා. මෙයත් සමේ රැලි වැටීම අඩු කරවනවා. ඇස් යට කළු වීම අඩු කරවන විටමින් C සහ K බහුලයි.

මුහුදු බෙල්ලන්

මුහුදු බෙල්ලන් තුළ විටමින් B12 සහ අයන් බහුලයි. හමේ වර්ණය වෙනස්වීම සහ විශේෂයෙන් ඇස් යට කළු වීම අඩු කරවීම මීට හේතුවයි.

යෝග ව්‍යායාම72f1eb684d1fd9ba_454863233.xxxlarge_2x

මෙය ලංකාවේ නම් තවම එතරම් ජනප්‍රිය නැත. නමුත් නිවැරදිව යෝග ව්‍යායාම කරන අය වසර 10 කින් පමණ තරුණ වන බවයි පැවසෙන්නේ.

හිස කෙස් ප්‍රමාණය

හොඳින් හිස කෙස් පිරී ඇති මුහුණකින් වඩාත් තරුණ බවක් දිස්වෙනවා. මේ නිසා හිස කෙස් වැඩිව පෙනෙන විලාසිතා තෝරා ගැනීම සහ හිස කෙස් වැඩි කිරීමට ප්‍රතිකාර කිරීම.

ජොජෝබා (Jojoba Oil)

Jojoba කියන්නේ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ වැවෙන ශාකයක්. මෙම තෙල් සම රැලි වැටීම අඩු කිරීමට විශාල හේතුවක් වෙනවා. Almond තෙල් වලට Jojoba තෙල් බිංදු කිහිපයක් කලවම් කර හිසකෙස් සහ සමේ ආලේප කර මසාජ් කිරීම ඉතාමත් සුදුසුයි.

දිනකට පැය 7ක නින්දක්

තරුණකම රැක ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම රාත්‍රියට සුව නින්දක් ලැබිය යුතුමය.

මත්ද්‍රව්‍ය2000px-No_Smoking.svg

දුම් පානය සහ මත්පැන් පානය කරන අය ඉක්මනට වයසට යනවා.

හිසකෙස්වල පැහැය.

ඔබට තිබෙන්නේ කළු පැහැති හිසකෙස් නම් කොණ්ඩය සුදු වන විට නැවත කළු පැහැයම ආලේප කරන්න එපා ඒ වෙනුවට තරමක් ලා පැහැති වර්ණ යොදා ඩයි කරන්න. මෙවිට ඔබේ හිසකෙස් සුදු වීම අඩුවෙන් අන් අයට දිස්වෙනවා. හිසකෙස් වර්ණය ගැලපෙන ලෙස වෙනස් කිරීම ඔබේ තරුණ බව ඉස්මතු කර පෙන්වනවා.

විටමින් B

විටමින් B සහිත ආහාර හැකි පමණ අනුභව කරන්න.

සුබවාදීව සිටින්න

ඔබ වයසට යනවායැයි ලත නොවී ඔබේ තරුණකම රැක ගැනීමේ ක්‍රම පිළිබඳ අවධියෙන්  සිටින්න. ඒ පිළිබඳ සුබවාදීව සිතන්න. වයසට ගියත් හිතින් තරුණ නම් වයසට යන්නේ ඉතාමත් හිමින්.

සුවඳ විලවුන්01-lily-of-the-valley-perfume-dior-diorissimo

වයස කියන්නේ ඉලක්කමකට වඩා අන් අයට ඔබ පිළිබඳව දැනෙන විදියයි. මේ නිසා ඔබ වයසට ගියත් නිතරම තරුණ අය ප්‍රිය කරන සහ ගැලපෙන සුවඳක් සහිත සුවඳ විලවුන් ඇඟේ ගල්වන්න. එවිට ඔබගෙන් නිකුත්වන තාරුණ්‍යයේ සුවඳ ඔබ කෙරෙහි තරුණ පෙනුමක් අන් අය තුළ ඇති කරවනවා.

දෑත්

ඔබේ ශරීරයේ මුලින්ම වයසට යන්න පටන් ගන්නේ ඔබේ දෑත් මේ නිසා Hand Cream එකක් තෝරා ගෙන දිනපතා නින්දට පෙර දෑත් ආලේප කරන්න. සතියකට වරක් යෝගට් එකක් රැගෙන එයට මී පැණි කලවම් කර ඔබේ දෑත් වල හොඳින් ආලේප කර තුනී පොලිතින් කවරයකින් දෑත් වෙලා විනාඩි 15 ක් පමණ දෑත් වලට හොඳින් දහඩිය දැමීමට හැරීමට හැකිනම් මෙය වඩාත් සාර්ථකයි. ඊට පසු සෝදා හරින්න. එවිට ඔබේ දෑත් වලින් පුදුමාකාර මෘදු බවක් ඔබට දැනේවි.

Eye Cream

වයස අවු: 28 ඉක්මවන සෑම කාන්තාවක්ම අනිවාර්යෙන්ම Eye Cream එකක් භාවිතා කළ යුතුයි. මොකද ඇස් යට කළු වීම සහ රැළි වැටීම ඔබේ වයස දෙගුණ කර පෙන්වනවා. අනවශ්‍ය විදියට ඇස් පොඩි කිරීමෙන් ඇස් රැළි වැටෙන්න පුළුවන්.

හිනා වෙන්න

නිතරම හිනාවෙන් සිටින අයගේ හමේ රැළි වැටීම අඩු බව සොයාගෙන තිබෙනවා. මීට හේතුව තමයි ඔවුන්ගේ ආතතිය අඩු නිසා ඇඟට අහිතකර හෝර්මෝන නිපදවීම අඩු වීම. විහිළු කතා කියවීම සහ නාට්‍ය නැරඹීම මීට හොඳ පුරුද්දක්.

වතුර බොන්නmj-618_348_drink-water-lose-weight

තරුණකම රැකගන්න අනිවාර්යෙන්ම ජලය ලීටර් 2 ½ ක් පානය කිරීම අනිවාර්යයි. එකවර ගොඩාක් ජලය පානය නොකර සමාන කාල පරාසයක් තුළ ජලය නිතර බීමට පුරුදුවන්න. උදෑසන අවදිවූ විගස මුලින්ම ජලය වීදුරුවක් පානය කරන්න. උදෑසන ජලය පානය කිරීම පැය ගණනක් තිස්සේ ජලය නොමැතිව වියළුණු ශාකයකට ජලය දමනවාට සමාන ක්‍රියාවක් සේ සිතන්න. නිසි පරිදි ජලය පානය කිරීමෙන් පමණක් වුවත් ඔබේ තරුණකම රැක ගන්න පුළුවන්.

මොළය වෙහෙසන ක්‍රීඩා

මොළය වෙහෙසන ක්‍රීඩා කිරීම ලෙස මෙහිදී සඳහන් වන්නේ එළිමහන් ක්‍රීඩා නොවේ. ප්‍රහේළිකා පිරවීම, ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් ඔබේ මොළයේ ඉතාමත් සක්‍රීයව පවත්වාගෙන යා හැකියි. එවිට වයසට යාම අඩකර ගත හැකියි.

දත්brush-teeth-orange-juice

කොතරම් තරුණ වුවත් වැඩක් නෑ ඔබේ දත් ටික නිරෝගී නොමැති නම්. මේ නිසා නිරෝගී පෙනුම පවත්වා ගෙන යාමට දිනකට දෙවරක් දත් මැද ඔබගේ තරුණ පෙනුම පවත්වාගෙන යා යුතුයි. අඩුම තරමින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසී දත් පරීක්ෂා කරගන්න.

10933255-young-sexy-couple-posing-in-studioඇඳුම් පැළඳුම්

බොහෝදෙනා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී වයසට ගැලපෙන්නයි ඇඳුම් පැළඳුම් මිලදී ගන්නේ. නමුත් තරුණකම රැක ගැනීමට නම් ඔබ අඳින පළඳින විදියද තරුණ විය යුතු බව මතක තබා ගන්න.

සම රැකගන්න

ඔබේ සම නිතරම හිරු එළියට නිරාවරණය වනවානම් ඔබේ සමත් ඉතා ඉක්මනට වයසට යනවා. මේ නිසා හිරු එළියේ වැඩි වේලාවක් ගත කරනවානම් SPF සහිත (Sun Protection Factures) සහිත ක්‍රීම් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න.

සමබල ආහාර වේලක්

ගසක් හොඳට සාත්තු කර හදනවානම් වයසට නොයා ගොඩාක් කල් එය ප්‍රාණවත්ව තිබෙනවා නේද? ඔබේ ශරීරය ගැනත් මේ ආකාරයටම සිතන්න. ඇඟේ සෑම සෛලයක්ම හොඳින් නිරෝගීව පවත්වාගෙන යාමට නිතරම හොඳ ආහාර වේලක් ලබාගන්න. විශේෂයෙන් උදෑසන ආහාරය පිළිබඳව සැලකිලිමත් වන්න.

උපුටාගැනීම

http://sinhalapedia.com/

0 33

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.

අහස් කුස ඝනඳුරු වෙලා…
වැහි වලාවන් සැඩ වෙලා…
කිලි පොලා යන සීතලෙන්…
හැඟුම් වල් මත් වෙලා….
බිත්ති හතරෙහි
කුලී ඇඳ මත,
නොලද සුව විද හිනැහුනා…………

0 39
වත්මන් තරුණියන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලෙහෙන්ගා විලාසිතාවකින් මෙවර ඇඳුමක් මසමු විශේෂාංගය හැඩවෙනවා. විටෙක චෝලියක් ලෙසත් තවත් විටෙක සාරියක් ලෙසිනුත් හැඩවිය හැකි මෙම විලාසිතාව වෙළෙඳපොළේ නම් ඉහළ මිලකින් යුතුයි.

RANDOM POSTS

0 18
කාලයත් සමග වේගවත් ව ඉදිරි ගමනක යෙදෙන මිනිසා නවීන විද්‍යාවේ හිනිපෙත්තේ සිටිය දී වුව ද සියවස් ගණනාවක් ඉපැරණි විද්‍යාවන්, තාක්ෂණ ශිල්පීයක‍්‍රම, සෞන්දර්ය කලා ශිල්ප,...