ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ වත්මන් බිරිය වන හෂිනි රත්නායකට ඊයේ(9) සිරගතවන්නට සිදුවූයේ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි. බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත්  බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර තංගල්ල පුද්ගලයාගේරන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.

රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණු පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here