රූපය පිළිබඳ සැළකිලිමත් වන කාන්තා ඔබ ඔබේ දෙතොල අලංකාරව පැහැපත්ව තබාගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. විශේෂයෙන්ම මුහුණේ සුන්දරත්වය පිළිබඳ උන්නදු වන ඔබ දෙතොලේ පෙනුම පිළිබඳව උනන්දු වීමත් ඉතා වැදගත්. සුන්දර දෙතොලක හිමිකාරියක වන්නේ කෙසේද?මේ පිළිබඳව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී දීපිකා ගුණසේකර මහත්මියගේ අදහස්..

දෙතොල් වියළි නම් Lip Balm එකක්

අපි දෙතොල් සඳහා විශේෂිත සත්කාරයන් නරන්තරයෙන් සිදු නොකළත් දෙතොල්වල ස්වභාවය අනුව ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවන් තිබනවා.

ඇතැම් අයගේ තොල් පැලීම නිතර සිදුවන දෙයක්. මෙවැනි අය මීපැනි ස්වල්පයක් දෙතොල්වල ආලේප කිරීමෙන් මේ තත්වය අවම කරගන්න පුලුවන්. වියළි දෙතොල් සහිත අය Lip Balm භාවිත කළ යුතුමයි.

විශේෂයෙන් ඔබ ශීත දේශගුණයක සිටින කෙනෙක් නම් දිනකට තෙවරක් වත් Lip Balm භාවිත කිරීම වැදගත්. ඒ වගේම තොල් ආලේපන භාවිත කිරීමට ප්‍රථමයෙන් Lip Balm එකක් භාවිත කළොත් තොල් ආලේපන වැඩි වේලාවක් රඳා පවතිනවා වගේම වියළි බවට පත්වෙන්නත් පුලුවන්. මේ නිසා මෙවැනි පුරුදු අත්හැරිය යුතුයි.

වැරදි පුරුදු

අපි දන්නවා ඇතැම් අය නිතරම දෙතොල් සපනවා. මෙය වහාම අත්හැරිය යුතු පුරුද්දක්. මෙයින් දෙතොල් අවපැහැ වීමට හැකියාව තිබෙනවා වාගේම වියළි බවට පත්වෙන්නත් පුළුවන්. මේ නිසා මෙවැනි පුරුදු අත්හැරිය යුතුයි.

තොල් ආලේපන වල ප්‍රමිතිය

ඔබ තොල් ආලේපනයක් මිලදී ගන්නා විට එහි ප්‍රමිතිය පිළිබඳ සැළකිලිමත් විය යුතුයි. මොකද මේ සෑම නිෂ්පාදනයකම යම් කිසි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වෙනවා. මිලෙන් අඩු ප්‍රමිතිගත නොවන නිෂ්පාදනයක් භාවිතයෙන් දෙතොල්වලට හානි වෙන්න පුලුවන්.

ඔබට ගැළපෙන තොල් ආලේපනයක්

තොල් ආලේපන භාවිතයේදී සමේ පැහැය ගැනත් හිතන්න ඕනෙ. පැහැපත් සමක් තිබෙන කෙනෙක්ට රතු පැහැය භාවිත කරන්න පුලුවන් වුණත් තළෙලු සමක් තිබෙන කෙනෙක්ට එය එතරම් ගැළපෙන්නෙ නැහැ. ඔබට තියෙන්නෙ තළෙලු සමක් නම් දුඹුරු , මෙරුන් පැහැය වැනි තරමක් අඳුරු පැහැයක් සහිත තොල් ආලේපනයක් භාවිත කළ හැකියි. තොල් ආලේපන භාවිතයේදී වර්ණ කිහිපයක් මිශ්‍රකර ආලේප කරන්න හැකි නම් එයත් ලස්නයි. තොල් ආලේපන ගැල්වීමේදී තොලේ පැහැය වෙනස් කර පෙන්වන්න පුලුවන්. එයින් මුහුණට අලුත් පෙනුමක් ලබා දෙනවා.

දෙතොල්වලට ව්‍යායාම

අපි ශරීරයට යෝග, ව්‍යායාම සිදුකරනවා වගේම මුහුණටත් යෝග ව්‍යායාම සිදුකරන්න පුලුවන්. මුඛය සඳහා සිදුකරන යෝග ව්‍යායාම තුළින් දෙතොල්වල සුන්දරත්වය රැකගත හැකියි.

මුතුවන් දත් දෙපළක්

දෙතොල්වල සුන්දරත්වය රැඳෙන තවත් සාධකයක් තමයි සුන්දර දත් දෙපළක් පවත්වාගෙන යෑම. දත් හොඳින් පිරිසිදු කර පවත්වා ගෙන යෑම වැදගත්. දත්වල ගැටලු හෝ වෙනත් ප්‍රශ්නකාරී තත්වයන් තිබෙනවා නම් එය දෙතොල්වල සුන්දරත්වට ත් බලපානවා.

වැඩිපුර වතුර බොන්නතොල්වල සුන්දරත්වය ආරක්ෂා කරන්න වැඩිපුර ඉලය පානය කිරීම වැදගත්. විශේෂයෙන් නින්දට යන්න කළින් වතුර වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් එයත් ඉතාම හොඳයි.

තොල් අවපැහැ ගැන්වීම වැළැක්වීමටනිවසේදී කළ හැකි ප්‍රතිකාරලෙමන් යුෂ සහ කහකුඩු මිශ්‍රකර දෙතෙල්වල ආලේපකර සෝදා හරින්න. මේ හැර දෙතොල් වියළි වන ඕනෑම අවස්ථාවක මී පැණි ස්වල්පයක් ගැල්වීම කළ හැකියි.

උපුටාගැනීම – සුවය මාසික සඟරාවෙනි.
නිරෝගී සුවය උදෙසා මෙවැනි ලිපි කියවීමට  ‘සුවය’ සඟරාව කියවන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here