කව් හිතක්
තිබුණා බොල
මියැදෙන්න ආසන්න
සැනසෙන්න සනීපෙට
ඉල්ලුවේ එකම එක වෙලාවක්
කාමරේ තනිවෙච්ච
කවුළුවෙන් එළිවෙච්ච
ඇඳ මත්තෙ සැතපිච්ච වෙලාවක්

වැහි වැටෙන සීතලේ
අකුරු එකිනෙක ඔබා
හදේ නැති රූ රටා මවන්නම්
ගිනිගහන මද්දහනෙ
ඔපීසියෙ මැෂින් ලඟ
වේලුනා පමණකිය ඒ හිතත්

වෙලාවේ වගක් නැති
කාල සටහනක් නැති
නිමාවක් මායිමක් නැති තැනක්
මට ඕන ඒ වගේ නිදහසක්
කවි පැටව් බිහිකරන
සෝ සුසුම් පා කරන
ලෝකයක් අතේ ඇති
හිතේ වෙන මුකුත් නැති නිදහසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here