– සීගිරි අප්සරාවක් ,
සහවාසයට ගෙන ආමී… –

යන එන හැම විටම සීගිරී
ඈ ළඟ නැවතුනේ,
සසරේම හුරුපුරුදු ගතියක් දැනී
කාගේ කාගෙත් නෙත් නැවතී
අප්සරා සිත සොරා ගෙන ආමී

උඩුකය නිරුවතින් සේවයට ආදා
දකින කවුරුත් නෙත් කොණිනි රහසේම වින්දා
රජුගේ අන්තඃපුරයේ දේවියක් හින්දා
කවුරු කවුරුත් ඈට, ගරු සරු ඇතිව වැන්දා

” කස්සප නිරින්දා
සයනේ මාව හිඳුවා
නිදි ගත් රෑ පුරා
මගේ තිසරුන්
මෙලෙක් වූවා,
සුර සැප කුමකටද
වේදනාවෙන් මං
ආපාදුක් වින්දා…”
මේ වග කිය කියා ඈ
මගේ උරහිස උඩ
හඬා වැටුණා…

මාලිගය අතහැර
සුර සැප සොයා
ගෙපැලක,
අප්සරාවිය
නිරිඳු කස්සප
කෙළෙසුව…
ආදරෙන් තුරුළුව
සිඳලන්න ඉඩදුනි
ඇගේ නිකැලැල්
පතිවත,
රක්ත වූ රුදිරය
බොඳවත්ම සයනත
දෙතොලින්
ඉකිඹිද සිනහව
කඳුළු නලියන
අඩවන්ව ගි‍ය නෙන්
වසාගෙන …
සෙනෙහසින් හිස සිඹ
අප්සරාවිය
උණුසුමට ගුලිවිය
පපුවට,
තුරුළු කරගෙන
මගේ හදවත…

~ ආශු ~

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here