ලංකාවේ බොහෝ පිරිසක් තමන්ගේ අත් වල සහ විශේෂයෙන්ම පාදවල නියපොතු වල දිලීර ආසාදන තත්වයන්ගෙන් පීඩාවිඳී.මෙහිදී නියපොතු ගනවීම, අවපැහැ වීම සහ කැඩෙනසුලු වීම සිදුවේ.දිලීර ආසාදනය නිසා නියපොතු විකෘති වීම හේතුවෙන් විශේෂයෙන්ම කාන්තාවන් රූපලාවණ්‍ය ගැටලු වලට මුහුණ දෙයි.

ඕනාම කෙනෙකුගේ නියපොතු දිලීර ආසාදනයට ලක්වීම සිදුවිය හැකි වුවද පහත තත්වයන් යටතේ වැඩි අවදානමක් ඇත.

1.නියපොතු තුවාල වීම( නිතර පොලොවේ ගැටීම,සීරීම වැනි )

2.දියවැඩියාව

  1. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීම

4.නියපොතු වලට රුධිරය සැපයීමේ ගැටලු .

5.පාදයේ දිලීර රෝග තිබෙන අය

මෙම ආසාදන ඇතිවූ පසු සුවකිරීමට වඩා සෑදීම වලක්වාගැනීමට පියවර ගැනීම සුදුසු වේ.

දිලීර ආසාදනය වලක්වාගැනීමට නම්…..

  1. අත් සහ පාද පිරිසුදුව වියලිව තබාගන්න.

2.නියපොතු තුවාල වීම අවම කරගන්න .

3.නියපොතු කපා කොටට තබාගන්න

4.පොදු වැසිකිලි ,නාන කාමර භාවිතයේදී සෙරෙප්පු පලදින්න.

5.අනුන්ගේ නිය කටර් පාවිච්චි නොකරන්න.

6.ඔබගේ නිය කටර් අනුන්ට නොදෙන්න.

මේ නියපොතු ආසාදනය සඳහා ප්‍රතිකාර තිබේද?

ඔව් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආකාර තුනක ප්‍රතිකාර ඇත.එනම්…

  1. ප්‍රති දිලීර ආලේපන ..එතරම් සාර්ථක නැහැ .

2.ප්‍රති දිලීර ඖෂධ ප්‍රතිකාර ..කකුලේ නියපොතු ආසාදනය සඳහා සති 12ක් සහ අත්වල නියපොතු ආසාදනය සඳහා සති 6ක් ද ප්‍රතිකාර කල යුතුයි .

3.ශල්‍යකර්ම මගින් ආසාදිත පටක කොටස් ඉවත් කිරීම..

මේවාට අමතරව ලේසර් ප්‍රතිකාර අනාගතයේ මේ නියපොතු දිලීර ආසාදන සුව කිරීම සඳහා යොදාගැනීම සිදුවනු ඇත.

වෛද්‍ය රෝහිත ප්‍රදීප්..

උපුටාගැනීම අන්තර්ජාලයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here